. මහනුවර පිල ‘ක්ලිෆ්ර්ඩ්’ කුසලාන දිනයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 20 වැනි ඉරිදා
මහනුවර පිල ‘ක්ලිෆ්ර්ඩ්’ කුසලාන දිනයි
2017-02-26 19:48:43 | යොහාන් භාසුර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහයෙවූ ඩයලොග් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (26) සමත් විය. හැව්ලොක්ස් පිලට අනු ශූරතාව හිමිවිය.  මහනුවර පිල ලීග් ශූරතාව ද දිනා ගනිමින් මෙම වසරේ ද්විත්ව ශූරයන් බවට පත්විය. මහනුවර පිල මෙම ශූරතාව 2015 සිට පිට පිටම තෙවරක් දිනා ගැනීමට ද සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලියක් වන මෙම තරගාවලිය 1911 වසරේ ආරම්භ වී තිබේ. මහනුවර පිල මෙම ශූරතාව දිනූ 20 වැනි අවස්ථාව මෙය වේ.

මෙම තරගාවලියේ 2000 වසරේ සිට මහනුවර පිල ශූරතාව දිනූ 15 වැනි අවස්ථාව මෙය වීම කැපී පෙනේ. සී. ආර්. පිල 2006 වසරේ ද, නාවික හමුදා පිල 2014 වසරේ ද, ශූරයන් බවට පත්ව ඇති අතර මහනුවර පිල එම වසර දෙකේම තරගාවලියට සහභාගි නොවීය. 2013 වසරේ තරගාවලිය නොපැවැත්වීය.

මෙවර මහනුවර පිලේ නායකයා ලෙස රොෂාන් වීරරත්න කටයුතු කළේය.  

මහනුවර රග්බි බලකොටුව වන නිත්තවෙල පිටියේදී ඊයේ පැවැති අවසන් මහ තරගරයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 32-20 කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

ගයාන් වීරරත්න පළමු අර්ධයේ 20 වැනි සහ 35 වැනි මිනිත්තුවදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක මහනුවර පිලේ ජයග්‍රහණයට ප්‍රධාන සාධකය බවට පත්විය.

මෙම තරගය ආරම්භ කිරීමට පෙර දැඩි වර්ෂාවක් ඇද හැලුණු අතර ඒ හේතුවෙන් තරගය ආරම්භ කරන විට ක්‍රීඩාංගණය ජලයෙන් පිරී තිබුණි. ඒ හේතුවෙන් කණ්ඩායමේ දෙකේම දස්කම්වල යම් අඩුවක් ඇති විය.

ප්‍රංශ ජාතික විනිසුරුගේ නළා හඩින් තරගය ආරම්භ වී 8 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට ලැබුණු දඩුවම් පහර හිරන්ත පෙරේරා සාර්ථක කිරීමත් සමඟ 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

මහනුවර පිලට 12 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර තිළිණ වීරසිංහ සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම විය.

ගයාන් වීරරත්න 20 වැනි සහ 35 වැනි මිනිත්තුවලදී හැව්ලොක්ස් ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට තිළිණ වීරසිංහ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු 17-3 ක් ලෙස මහනුවර පිල ශක්තිමත් විය.

ෆාෂිල් මරීජා විශිෂ්ට ලෙස දිවයමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 24-3 ක් තිබියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලේ නිෂෝන් පෙරේරා සාර්ථක කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 24-8 ක් බවට පත්විය. තිළිණ වීරසිංහ දඬුවම් පහරකින් තවත් ලකුණු 3 ක් එකතු කිරීමත් සමඟ මහනුවර පිල ලකුණු 27-8 ක් ලෙස තවදුරටත් පෙරමුණට පැමිණියේය.

හැව්ලොක්ස් පිලේ නිෂෝන් පෙරේරා නැවතත් ක්‍රියාත්මක වෙමින් 20 වැනි මිනිත්තුවේදී ප්‍රධාන ක්‍රීඩාංගාරය අන්තයේ කොඩි කණුව අසළින් ගෝල සීමාවේ තැබූ පන්දුවට හිරන්ත පෙරේරා අතිරේක ලකුණු 2 ක එකතු කිරීමෙන් ලකුණු පුවරුව 27-15 ක් බවට පත්විය.

හැව්ලේක්ස් නායක දුෂ්මන්ත ප්‍රියදර්ශන ඉන් මිනිත්තු 10 කට පසුව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 27-20 ක් බවට පත්කිරීමත් සමඟ ක්‍රීඩාංගණයට පැමිණ සිටි 5000 කට අධික මහනුවර පිලට සහය දැක්වූ ප්‍රේක්‍ෂකයෝ තැති ගැනීමට ලක්වූහ.

රිචඞ් ධර්මපාල ඉන් මිනිත්තු 8 කට පසුව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් මහනුවර රග්බි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු  සපළ කිරීමට සමත් විය. ඒ අනුව අවසන් ලකුණු තත්ත්වය 32-20 ක් බවට පත්විය.

 

 

(ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසූරිය)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...