. ආරක්‍ෂිත වැටට අනුමැතිය ගන්නවා - සභාපති | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
ආරක්‍ෂිත වැටට අනුමැතිය ගන්නවා - සභාපති
2017-02-26 21:10:42 | නාමල් පතිරගේ

කෝට්ටේ, බැද්දගානේ කෘත්‍රිම තණ තීරුව සහිත පාපන්දු පිටියේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදිකිරීම සඳහා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව එහි සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළුවේ විශේෂ රැස්වීමකට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින අනුර ද සිල්වා මහතාගෙන් “ලංකාදීප” ය අද (26) කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවැසීය. ඒ පිළිබඳව ඒ මහතා මෙසේද පැවැසීය.

“බැද්දගාන කෘත්‍රිම තණ තීරුව ඇතිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂිත වැටක් ඇතුළත් වෙලා නෑ. නමුත් එහි ඉංජිනේරුවරයා අපට දැනුම්දීලා කිව්වා අවට ප්‍රදේශයේ සත්තු මේ ක්‍රීඩාංගණයට ඇතුල් වෙලා තණ තිරුවට හානි කරන්න ඉඩකඩ තිබෙනවා කියලා”

“ඒ නිසා මේ ව්‍යාපෘතියට ආරක්ෂිත වැටක් ඇතුළත් කරන්න අපි තීරණය කළා. මෙහෙම දෙයක් වුණේ ඒක ව්‍යාපෘතියට හදිසියේ ඇතුළත් කළ දෙයක් වීම නිසයි”

“පසුගිය විධායක සභා රැස්වීමට එය යෝජනා කර අනුමැතිය ගන්න හිටියත් ඒ දේ කර ගන්න බැරිවුණ නිසයි මේ ගැටලුව ඇතිවුණේ. ඒ හැරෙන්න සමහරු කියන ආකාරයෙන් මෙතනදී ටෙන්ඩර් උල්ලංඝනය කිරීමක් වෙලා නෑ. ඒ නිසා දැන් අපි එය විධායක සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබෙනවා” යයිද අනුර ද සිල්වා මහතා පැවසීය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...