. සහිරා රග්බි පිලට ෆීනික්ස් අනුග්‍රහය | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 20 වැනි සිකුරාදා
සහිරා රග්බි පිලට ෆීනික්ස් අනුග්‍රහය
2017-02-27 20:59:34 | යොහාන් භාසුර

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන මරදාන සහිරා විදුහල් රග්බි පිලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ෆීනික්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. එම විදුහල් රග්බි පිලේ ආහාර අනුග්‍රහකයා ලෙස කේ.එෆ්.සී. (KFC) ආයතනය ද, ඇඳුම් අනුග්‍රහකයා ලෙස ආර්.බී.එන්. (RBN) ආයතනය ද, ඉදිරිපත්ව සිටියි.

මෙම අනුග්‍රහයන් පිරිනැමීම පසුගියදා සහිරා විදුහලේ විදුහල්පති ටි්‍රෂ්වි මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණි. සහිරා විදුහල පසුගිය වසරේ දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරමින් පළඟ ශූරතා තරගාවලියේ දස්කම් දක්වමින් මෙවර පළමු කොටසේ ඉහළතම කාණ්ඩයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගත්තේය.  

සහිරා විදුහල 1924 වසරේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර ඇති අතර එම විදුහලෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබේ. මෙවර සහිරා විදුහල් පිලේ නායකයා ලෙස අෂ්හාර් ඉර්ෆාන් කටයුතු කරයි.

 

ෆීනික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අළෙවි) රිමාෂ් මර්ෂුක් මහතා විසින් සහිරා විදුහලේ විදුහල්පති ටි්‍රෂ්වි මරික්කාර් මහතාට අනුග්‍රහක චෙක්පත නිලවශයෙන් ප්‍රදානය කළ අවස්ථාව.
රග්බි පිලේ නායක අෂ්හාර් ඉර්ෆාන්, සහිරා විදුහල් ක්‍රීඩා සභාවේ සභාපති එම්. එස්. එම්. මෂීර් (වමේ), සහිරා විදුහල් රග්බි කමිටු සභාපති රීසා ආබ්ඩීන් සහ ප්‍රධාන පුහුණුකරු ශම්ලි නවාස් යන මහත්වරු ද මෙහි වෙති.
    

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...