. කටාන සයික්ලෝ ක්‍රොස් පාපැදි තරගාවලිය 11 දා | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
කටාන සයික්ලෝ ක්‍රොස් පාපැදි තරගාවලිය 11 දා
2017-03-06 20:39:28 | ශානුක අරවින්ද

කටාන හයවැනි පාවුළු පාප් වහන්සේගේ විද්‍යාලය සමග එක්ව ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය පළමු වරට සංවිධානය කරන ‘කටාන සයික්ලෝ ක්‍රොස්’ පාපැදි තරගාවලිය ලබන සෙනසුරාදා (11 වැනිදා) පෙරවරු 8.00 සිට එම විදුහල් භූමියේ අලුතින් ඉදිරකරන ලද සයික්ලෝ ක්‍රොස් ධාවන පථයේදී පැවැත්වේ.

මීගමුව සිංගර් මෙගා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි තරගාවලියේදී වයස 13 න් පහළ මිශ්‍ර, 16 න් පහළ බාලිකා, 16 න් පහළ බාලක, 19 න් පහළ බාලිකා, 19 න් පහළ බාලක, විවෘත කාන්තා, විවෘත පිරිමි, 50 ට වැඩි ප්‍රවීණ, විනෝදජනක මිශ්‍ර යන කාණ්ඩ 9 ක් යටතේ තරග ඉසව් පැවැත්වේ.

සෑම ඉසව්වකම ජයග්‍රහණ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් ඇතුළුව මුදල් ත්‍යාග පිරිනැමේ. දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහාද පදක්කම් සහ සහතිකපත් ඇතුළුව සැනසිළි ත්‍යාග පිරිනැමේ.

මීගමුව සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කළාප වල පාසල් නියෝජනය කරන පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි අතර වග්ගිමරසහ්ටැ?ටප්සකගජදප යන විද්‍යුත් තැපැලට අයැදුම්පත් යොමු කිරීමෙන් තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.

තරගාවලිය පැවැත්වෙන දින උදෑසන දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කෙරන අතර 0777- 881650 සහ 0773-0626441 යන දුරකථන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...