. වැඩි ඡන්ද 14000 කින් නවිඳු පෙරමුණ රැකගනියි | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
වැඩි ඡන්ද 14000 කින් නවිඳු පෙරමුණ රැකගනියි
2017-03-14 17:47:42 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) නමවැනි සතිය නිමාවන විට ඡන්ද 55000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ  රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 6744 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 55886 කි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත්, මේ වන විට ඡන්ද 41918 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5512 කි. ඒ අනුව ඡන්ද සටහනේ පෙරමුණේ පසුවන නවිඳු සහ දෙවැනි ස්ථානයේ පසුවන නජත් අතර ඇති පරතරය ඡන්ද 13968 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

ගෙවී ගිය සතියේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (ඡන්ද 10789) හිමිකරගත් මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ මේ වන විට ඡන්ද 34229 ක් ලබා ඡන්ද සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර  කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 124 ත් සමගින් මුළු ඡන්ද 10005 ක් ලබා එහි සිවුවැනි ස්ථනයේ රැදී සිටියි.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රොමේෂ් නල්ලපෙරුම පිළිවෙළින් ඡන්ද 7834 ක් සහ 6377 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 1802 ක් ලබාගනිමින් තවදුරටත් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පිළියන්දල මැදි විදුහලේ ගිම්හාන ධනුෂාන් ඡන්ද 130 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

හයවැනි සතිය නිමා වන විටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතුරින් ඡන්ද ලබාගැනීමට සමත් වී ඇත්තේ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 104) පමණි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  55,886
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  41,918
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 34,229
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,005
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  7,834
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6,377
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  4,404
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1,571
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1,104
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  864
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල 664
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  503
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 341
පී. ඒ. ධනංජය ගාල්ල රිච්මන්ඞ් විදුහල 285
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 243
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  194
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 163
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  156
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල 102
සංජුල අබේවික්‍රම කොළඹ ඉසිපතන විදුහල 98
නවීන් ගුණවර්ධන කොළඹ තර්ස්ටන් විදුහල  53
අවිෂ්ක පෙරේරා  කෝළඹ නාලන්දා විදුහල 50
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  1,802
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  83
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල 81
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල  48
රවීන් යසස්   රත්ගම දේවපතිරාජ විදුහල 42
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල 36
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල 27
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 16
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   104

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ඕෂදී සරත්චන්ද්‍ර, 379, ගාලු පාර, නල්ලූරූව, පානදුර  
2 අනෝමා යාපා, පෙත්සිරි උඩුකුරේ, පහළ කනත්තවෙල, බණ්ඩාරවෙල
3 අසිඳු ලක්ෂාන්, 270-34ඒ, තිලකපුර, අම්බලන්ගොඩ
4 දීලක අබේගුණවර්ධන, 34/6ඒ, වලව්වත්ත පාර, නුගේගොඩ

-036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...