. 54 වැනි කෝරළේ හටන අද හෙට | කෙළිමඬල
2017 මාර්තු මස 28 වැනි අගහරුවාදා
54 වැනි කෝරළේ හටන අද හෙට
2017-03-17 11:46:55 | මතුගම බන්දු තඹවිට සහ එස්.මඩවල

මතුගම ශාන්ත මේරි මහවිදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර 54 වැනි “කෝරලේ හටන” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද සහ හෙට (17 සහ 18) මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


මෙම විදුහල් අතර මේ දක්වා පැවති ක්‍රිකට් තරඟ 53 දී ශාන්ත මේරි විදුහල  තරඟ 12  ක් ජයග්‍රහණය කර ඇති අතර ආනන්ද ශාස්ත්‍රාලය තරඟ 02  ක් ජයග්‍රහණය කර ඇති අතර ජය පැරදුමින් තොරව අවසන්වූ තරඟ ප්‍රමාණය 39  කි.


ශාන්ත මේරි කණ්ඩායම මෙම තරඟ වාරය තුල තරඟ 11  කට සහභාගී වී ඉන් තරඟ 04  ක් ජයග්‍රහණය කර තරඟ 04  ක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇත. පළමු ඉනිමේ පරාජය වූ තරඟ සංඛ්‍යාව 03 කි.


ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම මෙම වාරය තුල තරඟ 10 කට සහභාගී වී තරඟ 02 ක් ජයග්‍රහණය කර අනෙක් තරඟ සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.


තෙවන වසරේ වර්ණලාභී දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් වන කවිෂාන් විමුක්ති ශාන්ත මේරි විදුහල් කණ්ඩායමේ නායකත්වය දරණ අතර ඔහු මෙම තරඟ වාරය තුලදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 54 ක්ද පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහලට එරෙහිව ලකුණු 50 ක්ද ලබා ලකුණු 250 සීමාව පසුකර ඇත. දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස හොරණ තක්‍ෂිලා විදුහලට එරෙහිව ලකුණු 25 කට කදුළු 04 ක් දවාගෙන කදුළු 15 සීමාව පසුකර ඇත.


තෙවන වසරේ වර්ණ ලාභී තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන ශක්ති නිසල් වික්‍රමනායක ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහු දකුණතින් පිත්ත හසුරුවන අතර විටෙක ආරම්භක පිතිකරුවෙකු ලෙසත් තවත් විටෙක මැදපෙළ ශක්තිමත් කරන්නෙකු ලෙසත් කටයුතු කරන අතර දකුණතින් පිට දඟ පන්දු යැවීමේ මෙන්ම පිටියේ ඕනෑම ස්ථානයක පන්දු රැකීමේ ද දස්කම් දක්වයි.

 

ශාන්ත මේරි විදුහල් කණ්ඩායම -

කවිෂාන් විමුක්ති (නායක), ෂනුක උදයංග (උප නායක), උජිත මධුරංග, ලහිරු දිල්ෂාන්, නවීන් දේවින්ද, නාමල් මධුසංක, සංජුල ක්‍රිෂාන්, හේෂාන් තරිඳු වෙල්ගම, දසුන් තරුෂ, චමිඳු ඉමාෂ්, තශ්මිල සංකල්ප, ශනිල්ක මධුමාල්, ශශ්මිත භානු, පසිඳු උමයංගන.

පුහුණුකරු රුමේෂ් සිල්වා මහතා ,කණ්ඩායම භාර ආචාර්ය සංජීව රණසිංහ මහතා.

 


 

ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම -

ශක්ති නිසල් වික්‍රමනායක (නායක), තුෂාන් සංජුල (උප නායක), පසිඳු ඩිල්ෂාන්, ප්‍රසාද් චතුරංග, විදුර මන්තික, උළිඳු ප්‍රභාෂ්වර, දිල්ෂාන් ප්‍රමෝද්, කවිඳු අංජන, සුපුන් ගීතික, රවිඳු චානක, පසන් තාරක, තිලිණ ධනංජය, පබසර තිසේරා, පසිඳු භාෂණ, දිල්සර නවෝද්, ඉසිත මද්දුමගේ, මලිඳු දිල්ෂාන්,නදුන් චාමික.

පුහුණු කරු ගයන්ත ජයසිංහ මහතා,කණ්ඩායම භාර ආචාර්ය පාලිත දිසානායක මහතා.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...