. විමුක්ති කිංග්ස්වුඩ් විදුහලේ ගෞරවය රැක ගනියි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 20 වැනි බ‍්‍රහස්පතින්දා
විමුක්ති කිංග්ස්වුඩ් විදුහලේ ගෞරවය රැක ගනියි
2017-03-17 14:05:23 | .

ධර්මරාජ විදුහලේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට හසුවී සිටි කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම ගොඩ නැගූ උපනායක විමුක්ති විජේසිරිවර්ධන දෙවිදුහල අතර අද (17) ආරම්භ වූ කන්ද උඩරට සුලෝහිත ගැටුමේ දී සිය විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 167 දක්වා ඇදගෙන යාමට සමත්විය. අද පස්වරුවේ කිංග්ස්වුඩ් විදුහල් පිලේ පළමු ඉනිම නිමාවට පත්වනවිට හෙතෙම නොදැවී ලකුණු 87 ක්ම රැස් කොට තිබිණි.


පස්වරුවේ දී සිය පළමු ඉනිම ආරම්භ කළ ධර්මරාජ විදුහල දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 126ක් පසුපසින් සිටින්නේ කඩුලු 8ක් ද අතැතිවය.


කන්ද උඩරට පැරැණිතම ක්‍රිකට් ගැටුම ලෙස සැලකෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කිංග්ස්වුඞ් විදුහල් පිලේ නායක අවිශ්ක චන්ද්‍රසිරි පළමුව පන්දුවට පහරදීම තෝරාගනු ලැබුවත් ආරම්භයේ සිටම ප්‍රබල තර්ජනයක් ගෙන දුන් ධර්මරාජ විදුහලේ පන්දු යවන්නන් මෙල්ල කරගැනීමට මුල දී කිංග්ස්වුඩ් පිතිකරුවෝ අසමත් වූහ.


අද දිවා ආහාරය වනවිට ලකුණු 54 කට කඩුලු 6 ක්ම බිඳ වැටී දැඩි පසුබෑමකට ලක්ව සිටි කිංග්ස්වුඞ් විදුහල් ඉනිම තනි අතින් පිළිසකර කළ උපනායක විමුක්ති දිවා ආහාරයෙන් පසුව වගකීම කරපින්නා ගෙන ධර්මරාජ විදුහල් පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදෙමින් සිය විදුහලේ ගෞරවය රැක දුන්නේය.


ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලාන සඳහා පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත ගැටුමේ ඉතිහාසයට අනුව මෙතෙක් පැවැති තරග 110 න් තරග 35 ක් ජයගැනීමට සමත්ව ඇත්තේ ධර්මරාජ විදුහලය. කිංග්ස්වුඞ් විදුහල ජයගෙන ඇත්තේ තරග 19 ක් පමණි.


කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම - 167යි.
(විමුක්ති විජේසිරිවර්ධන නොදැවී 87, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ෂාන් 2/27, ගිහාන් විතාරණ 2/55)


ධර්මරාජ විදුහල පළමු ඉනිම - 41/2යි.
(ගනිඳු කෞෂල්‍ය 2/18)

 

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...