. ත්‍රිත්ව විදුහල ලකුණු 47 කින් ජය ගනියි | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ත්‍රිත්ව විදුහල ලකුණු 47 කින් ජය ගනියි
2017-03-18 20:00:47 | ශානුක අරවින්ද

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහලට ඕවර 45.2 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ හසිත බෝයගොඩ සහ කළණ ද සොයිසා කඩුලු 3 බැගින් බිඳහෙළමින් ශාන්ත අන්තෝනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 200 ක් රැස්කළ අතර එහිදී නොදැවී ලකුණු 49 ක් රැස්කිරීමට තිසරු දිල්ෂාන් සමත් විය.  


ත්‍රිත්ව විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 200
(තිසරු දිල්ෂාන් නොදැවී 49, ත්‍යාගරාජා බානුගොබන් 33, හසිත බෝයගොඩ 29, කළණ ද සොයිසා 24, විරාජිත ජයසිංහ 25/3)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 153
(සචිත් වික්‍රමාරච්චි 32, මොහොමඞ් අල්ෆාර් 29, ජනිඳු හිම්සර 22, හසිත බෝයගොඩ 26/3, කළණ ද සොයිසා 17/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...