. 3 වැනි ‘නීල හරිත සංග්‍රාමය’ අද - හෙට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
3 වැනි ‘නීල හරිත සංග්‍රාමය’ අද - හෙට
2017-03-20 21:04:49 | .

ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර තුන්වැනි ‘නීල හරිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද සහ හෙට (20 සහ 21) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග තුනේදී ලුම්බිණි විදුහල 2015 වසරේ තරුෂාන් ඉද්දමල්ගොඩගේ නායකත්වයෙන් පූර්ණ ජය ලැබීය. පසුගිය වසරේ තරගය විසඳුමකින් තොරව අවසන් විය.

මෙවර ලුම්බිණි විදුහල් පිලේ නායකයා ලෙස තනුක දාබරේ ද, බණ්ඩාරනායක විදුහල් පිලේ නායකයා ලෙස සසිරි අදිකාරි ද, කටයුතු කරති.

ලුම්බිණි විදුහල මෙම තරග වාරයේ තරග 12 කට සහභාගි වී මාතර ශාන්ත ශර්වේසස් විදුහලට සහ මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ නායක තනුක දාබරේ මෙවර ලුම්බිණි විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස හැදින්විය හැකිය. තුන් ඉරියව් ක්‍රීඩක තනුක මෙම තරග වාරයේ ලකුණු 600 ඉක්මවා රැස්කරමින් කඩුලු 50 ක් ද, දවාගෙන තිබේ.

උප නායක රවිඳු සංජීව මම තරග වාරයේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 500 ඉක්මවා රැස්කර කඩුලු 60 ක් ද දවාගෙන සිටියි.

බණ්ඩාරනායක විදුහල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් සහ මරදාන සහිරා යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ.

නායක සසිරි අදිකාරි, බණ්ඩාරනායක විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙම තරග වාරයේදී ලකුණු 723 ක් රැස්කරමින් කඩුලු 26 ක් ද දවාගෙන සිටියි. හවිත නිමාෂ් (ලකුණු 527) සහ සිසින මදනායක (ලකුණු 524) බණ්ඩාරනායක විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.

අරෝෂ මධුෂාන් කඩුලු 31 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ බණ්ඩාරනායක විදුහල් පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.

ගම්පහ බණ්ඩාරනායක විදුහල

කොළඹ ලුම්බිණි විදුහල

 

- 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...