. ශා. සිල්වෙස්ටර් කඩුලු 5 කින් ජයගනි | කෙළිමඬල
2018 පෙබරවාරි මස 25 වැනි ඉරිදා
ශා. සිල්වෙස්ටර් කඩුලු 5 කින් ජයගනි
2017-03-26 18:38:06 | ශානුක අරවින්ද

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැති 60 වැනි ‘ළඳරුවන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය සිල්වෙස්ටර් විදුහල ඕවර 45.1 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර දක්ෂ පිතිහරඹයක නිතර වූ ශෂික විරාජ් නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිල්වෙස්ටර් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනූ සිල්වෙස්ටර් විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහල ඕවර 49.3 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 196 ක් රැස්කළ අතර එහිදී විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ශෂික ප්‍රියමාල් (52) සමත් විය.

 

විද්‍යාර්ථ විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 196
(ශෂික ප්‍රියමාල් 52, තිළිණ බණ්ඩාර 45, මනුජ පෙරේරා 40/3, නිම්සර අත්තනගල්ල 30/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 45.1 කදී කඩුලු 5 ක් දැවී 199
(ශෂික විරාජ් නොදැවී 61, චන්දුල ජයකොඩි 43, නිම්සර අත්තනගල්ල නොදැවී 21, පුලින ගුණතිලක 19/2, නිපුන කුමාරසිරි 41/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගැලවුම්කාරයාණන්ගේ නැවත පැමිණීම...
2018-02-20 15:19:53
එක සංචාරයකි. තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය. තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  ...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චන්දික හතුරුසිංහ...
2018-02-20 16:06:04
“එකිනෙකට වෙනස් රටවල් එක්ක තරග කිරීමේදී වෙනස් වෙනස් ස්ථාන සඳහා යොදා ගැනීමට අපට විශාල ක්‍රීඩක සංචිතයක් ඕනා. ඒත් එක රඳා තියෙන්නේ ඒ ඒ ක්&z...