. රිච්මන්ඩ් විදුහලට කඩුලු 8 ක පහසු ජයක් | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 26 වැනි බදාදා
රිච්මන්ඩ් විදුහලට කඩුලු 8 ක පහසු ජයක්
2017-03-26 19:47:46 | ශානුක අරවින්ද

ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පැවැති 112 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල ඕවර 33.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර නායකත්වයේ පිතිහරඹයක නිතර වූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් රිච්මන්ඞ් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල ඕවර 46.4 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස්කළ අතර එහිදී මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක්  ලබාගැනීමට නවෝද් පරණවිතාන (66) සමත් විය.

කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර රිච්මන්ඞ් විදුහලේ සඳුන් මෙන්ඩිස් සහ අවිඳු තීක්ෂණ පිළිවෙලින් දක්ෂතම පන්දුයවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන දක්ෂතම පිතිකරුවා ලෙසත් සම්මාන දිනාගත්හ.


මහින්ද විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 169
(නවෝද් පරණවිතාන 66, ප්‍රමීත් හංසික 31, විනුර දුල්සර 21, සඳුන් මෙන්ඩිස් 30/3, අවිඳු තීක්ෂණ 29/2)

රිච්මන්ඩ් විදුහල - ඕවර 33.3 කදී කඩුලු 2 ක් දැවී 172
(කමිඳු මෙන්ඩිස් නොදැවී 84, ආදිත්‍ය සිරිවර්ධන 38)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...
සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...