. ඉසිපතනයට තියුණු ජයක් | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
ඉසිපතනයට තියුණු ජයක්
2017-03-26 21:48:55 | .

අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 14-5 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් වුවත්, දෙවැනි අර්ධයේදී ආක්‍රමණ ශීලී ක්‍රීඩා විලාශයක නිතර වූ ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතු කරගත්හ.

ඉසිපතන විදුහල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළ අතර රාජකීය විදුහල ගෝල දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළේය.

 

 

(ඡායාරූප - වරුණ කරුණාසේකර)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්...
2017-05-24 18:48:02
මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ...