. රුහුණු මායා හටන හෙට - අනිද්දා | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා
රුහුණු මායා හටන හෙට - අනිද්දා
2017-03-30 08:21:07 | .

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර 6 වැනි වරටත් පැවැත්වෙන ‘රුහුණු මායා හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (31 වැනිදා) සහ අනිද්දා (1 වැනිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉතිහාසයේ ශ්‍රී ලංකාව බෙදා වෙන්කර තිබූ ප්‍රදේශ වලට අනුව ගත් කළ රාහුල විදුහල රුහුණු ප්‍රදේශයේද, ධර්මපාල විදුහල මායා ප්‍රදේශයේද පිහිටා තිබීම නිසා මෙම තරගයට ‘රුහුණු මහා හටන’ යන නාමය යොදා තිබේ.   

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග වලදී එක් තරගයක් හැරුණු කොට අන් සියලු තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 2015 වසරේදී පැවැති තරගය ජයග්‍රහණයකින් කෙළවර වූ එකම තරගය වන අතර එම ජයග්‍රහණයට හිමිකම් කීමට ධර්මපාල විදුහල සමත් විය.

අන්තර් පාසල් 19 පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග වදින ධර්මපාල විදුහල මේ තරග වාරයේදී තරග 16 කට සහභාගි වී පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබා සිටින අතර එම තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග වදින රාහුල විදුහල තරග 16 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 8 ක් ලබා සිටියි.

ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන කනිෂ්ක ජයසුන්දර දකුණත් පිතිකරුවෙක් වන අතර මෙවර තරග 16 කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 501 කි. කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන මහිම වීරකෝන්, මේ තරග වාරයේ තරග 16 කදී ලකුණු 464 ක් රැස්කරමින් කඩුලු කඩුලු 56 ක් බිඳහෙලීමට සමත්ව සිටියි.

දකුණත් පිතිකරුවෙකු වන අවිශ්ක හසරින්ද, මේ තරග වාරයේදී ධර්මපාල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටින්නේ තරග 16 කදී ලකුණු 510 ක් රැස්කරමිනි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 79 ඔහුගේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස ධර්මපාල කණ්ඩායමට එක්ව සිටින චමිඳු සමරසිංහ මේ තරග වාරයේදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 49 ක් වන අතර, කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

රාහුල කණ්ඩායමේ නායකත්වය දරන පසන් සමරතුංග තරග 14 කදී කඩුලු 71 ක් බිඳහෙලා ඇති අතර එහිදී ලකුණු සංඛ්‍යාව 143 ක්ද රැස්කරගෙන තිබේ. කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පිරුණ තිලක්කුමාර තරග 14 කදී ශතකයක් සමගින් ලකුණු 788 ක් රැස්කිරීමට සමත්ව සිටියි.

මේ තරග වාරයේදී ශතකයක් සමගින් ලකුණු 432 ක් රැස්කරගෙන සිටින විරාජ් චාලක රාහුල විදුහල් කණ්ඩායමේ පිතිහරඹ ලැයිස්තුව තවත් ශක්තිමත් කරන පිතිකරුවෙකි.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් ලෙස රාහුල විදුහල් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙන නුවන් මධුසංඛ ලකුණු 498 ක් රැස්කරමින් කඩුලු 48 ක්ද, හසිඳු චානුක ලකුණු 247 ක් රැස්කරමින් කඩුලු 38 ක්ද, සසිත් මනුරංග ලකුණු 375 ක් රැස්කරමින් කඩුලු 23 ක්ද බිඳහෙළීමට සමත්ව සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා විස්සයි20 ක්‍රීඩක සුරාජ් රන්දිව් රාහුල විදුහලේ ආදි සිසුවෙක් වන අතර විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින චින්තක ජයසිංහ ධර්මපාල විදුහලේ ආදි සිසුවෙකි.

දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය ලබන ඉරිදා (2 වැනිදා) පැවැත්වීමට නියමිතය.

 

ධර්මපාල විදුහල් කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට) - වරුණ විතානකන්ද (පී. ඕ. ජී.), සරත් වීරසිංහ (සහාය කණ්ඩායම් භාර ආචාර්ය), කනිෂ්ක ජයසුන්දර (නායක), ඔෂාර පණ්ඩිතරත්න (විදුහල්පති), මහිම වීරකෝන් (උප නායක), සුජිත් ලියනගේ (කණ්ඩායම් භාර ආචාර්ය), සංජය දේවපුර (පුහුණුකරු)
පසුපෙළ (වමේ සිට) - අමිල දයනක, විහාන් හංසජ, චමිඳු සමරසිංහ, කිසාල් දෙව්මිණ, එරංග සන්දීප, තරිඳු සඳරුවන්, හෂාන්ත විශ්වජිත්, අවිශ්ක හසවින්ද, චේතිය ශානුක, දුලාජ් අශේන්, සසික ඩිල්ෂාන්, මලිත් සඳකැළුම්, ගිම්හාන් මුණසිංහ, තිසර සිසාර

රාහුල විදුහල් කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට) - සසිත් මනුරංග, පිරුණ තිලක්කුමාර (උප නායක), රනිල් රසංග (සහය පුහුණුකරු),  විරාජ් පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), නිහාල් අබේවික්‍රම (ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පති), ෆ්‍රැන්සිස් වෙලගේ (විදුහල්පති), පර්සි රනරාජා (ක්‍රීඩාභාර ආචාර්ය), පී. අයි. ඩබ්. ජයසේකර (ප්‍රධාන පුහුණුකරු), පසන් සමරතුංග (නායක), හසිඳු චානක, නුවන් මධුසංඛ
පසුපෙළ (වමේ සිට) - චමුදිත දිල්ෂාන්, උදිත ඉඳුවර, සජිත සුරංජන, තරිඳු රාජපක්ෂ, හේෂාන් දිල්හාර, භාග්‍ය හිමන්, බිනර සංකේත්, පසිදු සසංක, විරාජ් චලක, ජනිදු මහිරාන්, ඔවින් නුවන්සිත්, ලකිදු චමෝද්

 

- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
කෝලි තවත් වාර්තාවක් අභියස...
2017-09-23 20:27:41
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් ක...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...