. ඩී.ආර්. විජයවර්ධන ශූරතාව ටයිප්සෙටින් පිලට | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 22 වැනි ඉරිදා
ඩී.ආර්. විජයවර්ධන ශූරතාව ටයිප්සෙටින් පිලට
2017-03-29 19:57:01 | .

රාජගිරිය “ජනක රණවක” ක්‍රිඩාංගණයේදී කණ්ඩායම් 32කගේ සහභාගිත්වයෙන් පැවැති විජය පුවත්පත් සමාගමේ “ඩී.ආර්. විජයවර්ධන” අභියෝග ශූරතා කුසලාන අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ටයිප්සෙටින් “බී” කණ්ඩායමට හිමිවිය.

එහිදී විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැති අවසන් මහා තරගයේදී හෝකන්දර - “බී” කණ්ඩායම ලකුණු 18 කින් පරාජයට පත් කරමින් ටයිප්සෙටින් ක්‍රීඩකයෝ මෙවර ඩී.ආර්. විජයවර්ධන කුසලාන දිනා ගැනීමට සමත් වූහ.

එහිදී විශේෂ සිදුවීම වූයේ ගියවරද ඇතුළුව වසර ගණනාවක් පුරා ශූරතාව දිනා සිටි හෝකන්දර - පැටවුම් අංශ කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු වතාවට එය හිමි කර ගැනීමට ටයිප්සෙටින් කණ්ඩායම සමත්වීමය.

එහිදී අවසන් මහා තරගයේ වීරයා වූයේ සානක ප්‍රනීත් හා තරගාවලියේ වීරයාට සම්මාන දිනා ගත් තිළිණ මධූරංග ගේ දස්කම් කැපී පෙනුණි. අවසන් පූර්ව වටයේදී හෝකන්දර “බී” කණ්ඩායම හමුවේ “අද” කණ්ඩායමත් ටයිප්සෙටින් - ‘බී’ කණ්ඩායම හමුවේ දැන්වීම් අංශ ‘බී’ කණ්ඩායමත් පරාජයට පත්වූහ.

මෙවර 14 වැනි වතාවටත් සංවිධානය කර තිබූ තරගාවලියට සමගාමීව හුණුපිටිය කණ්ඩායම හා හයිඞ්පාක් කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන තරගයේ ජය හුණුපිටිය කණ්ඩායමට හිමිවිය.

මෙවර තරගාවලියට ලංකා බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව හා නෙස්ලේ ලංකා සමාගම අනුග්‍රහය දැක්වීය.

ජය සංකේත ප්‍රදානෝත්සවය විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා “ලංකාදීප” පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, සමාගම් අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, “අද” පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ඊ.ඒ.ආර්.එස්. ප්‍රසන්නත් (හෝකන්දර - ‘බී’), දක්ෂතම පිතිකරු ලෙස සුපුන් මධුශංඛත් (දැන්වීම් අංශ) සම්මාන ලැබූහ.

 

විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා අතින්
ටයිප්සෙටින් බී පිලේ නායක තුෂාර සම්පත් කුසලාන ලබාගනිමින්...

ශූරතාව දිනා ගත් ටයිප්සෙටින් - ‘බී’ කණ්ඩායම

අනුශූරතාව ලද හෝකන්දර - ‘බී’ කණ්ඩායම

තරගාවලියේ විරයාවූ තිළිණ මධුරංග අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා අතින් ශූරතා සම්මාන ලබා ගත් අයුරු.

දක්ෂතම පිතිකරු ලෙස සුපුන් මධුශංඛ (දැන්වීම් අංශ) අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ
කාංචන දසනායක මහතා අතින් සම්මාන ලැබූ අවස්ථාව

දක්ෂතම පන්දු යවන්නා ලෙස ඊ.ඒ.ආර්.එස්. ප්‍රසන්න (හෝකන්දර - ‘බී’) අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා අතින් සම්මාන ලැබූ අවස්ථාව

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...