. නවිඳු නිර්මාල් ඡන්ද 70,000 කඩයිම පසුකරයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා
නවිඳු නිර්මාල් ඡන්ද 70,000 කඩයිම පසුකරයි
2017-03-30 16:09:16 |

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) 11 වැනි සතිය නිමාවන විට ඡන්ද 70,000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 6150 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 70,262 කි.


සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටි මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් (ඡන්ද 51,866), එහි තෙවැනි ස්ථානය දක්වා ඇද දමමින් දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට තෙවැනි ස්ථානයේ පසු වූ මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ (ඡන්ද 51,897) සමත්ව සිටියි. මේ වන විට ඔවුන් දෙදෙනා අතර පවතින ඡන්ද පරතරය 31 කි.


ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 7762 ක් එක්කර ගැනීමට ලසිත් කෘස්පුල්ලේ සමත්ව ඇති අතර මොහොමඞ් නජත්ට ගෙවී ගිය සතිය තුළදී ලබගත හැකිව ඇත්තේ ඡන්ද 1968 ක් පමණි.


කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,206 ක් සහ 8078 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.


පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2180 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පිළියන්දල මැදි විදුහලේ ගිම්හාන ධනුෂාන් ඡන්ද 130 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.


තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 132 ක් ලබා සිටියි.


මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.


සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

ක්‍රීඩකයා   පාසල  ඡන්ද
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  70,262
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 51,897
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  51,866
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,206
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  8078
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6394
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  4958
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1674
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1182
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  984
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  674
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  524
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 341
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  285
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 277
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  204
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  171
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 167
සංජුල අබේවික්‍රම  කොළඹ ඉසිපතන විදුහල 129
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල  102
නවීන් ගුණවර්ධන  කොළඹ තර්ස්ටන් විදුහල  53
ලසිත් උඩගේ  කෑගල්ල ශාන්ත මරියා විදුහල  57
අවිෂ්ක පෙරේරා  කොළඹ නාලන්දා විදුහල 55
නවීන් ගුණවර්ධන  කොළඹ තර්ස්ටන් විදුහල  53
දිනෙත් මඳුරවෙල  මරදාන ශාන්ත ජෝෂප් විදුහල 25
තිළිණ පෙරේරා  කොළඹ වෙස්ලි විදුහල  24
ශනොගීත් ශන්මුගනාදන්  මහනුවර ත්‍රිත්ව විදුහල  24
ශාලිත ප්‍රනාන්දු  වත්තල ශාන්ත අන්තෝනි විදුහල  17
කවිඳු ගිම්හාන  කොළඹ ආනන්ද විදුහල 15
පැතුම් නිස්සංක  කොළඹ ඉසිපතන විදුහල  14
තිළිණ නිමේෂ්  මොරටුව වේල්ස් කුමර විදුහල  10
අවිෂ්ක ප්‍රනාන්දු  මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල  8

 

නැගී එන පාසල් කාණ්ඩය

ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  2,180
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  109
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  105
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  91
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  83
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 42
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 16
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල              132
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  1  

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 පූර්ණිමා සමරසිංහ, 41/ඩී, විසාඛා මාවත, පූගොඩ

2 සුනිමල් ප්‍රනාන්දු, 123/5, උයන පාර, ලුනාව, මොරටුව

3 කෙනුල දිනදිත්, 22/25, 1-1, තුඩැල්වැල්ල පළමු වීදිය, රිච්මන්ඞ් කන්ද පාර, ගාල්ල

4 ශ්‍රීමතී පද්මලතා, 33, ටිච්බෝර්න් පෙදෙස, කොළඹ 10

 

- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
කෝලි තවත් වාර්තාවක් අභියස...
2017-09-23 20:27:41
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් ක...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...