. රත්ගම සහෝදරයන්ගේ සටන හෙට-අනිද්දා | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
රත්ගම සහෝදරයන්ගේ සටන හෙට-අනිද්දා
2017-03-31 18:12:13 | රොෂාන් ගුණරත්න

‘ශ්‍රීමත් අර්නර්ස්ට් ද සිල්වා’ අනුස්මරණ අභියෝගතා කුසලාන සඳහා රත්ගම දේවපතිරාජ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර පළමු වරට පැවැත්වෙන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (1-2) රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

දේවපතිරාජ විදුහල් කණ්ඩායම රවීන් යසස් විසින් මෙහෙයවන අතර සසිඳු සත්සර උපනායකත්වය දරයි.  මාදම්පා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තරූෂ දිල්ශාන්ට හිමිවී ඇති අතර උපනායකත්වය උදේෂ් චතුරංගට හිමිවී ඇත.

II වැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන රත්ගම දේවපතිරාජ විදුහල මෙවර තරගාවලියේදී තරග 13 කට සහභාගිවී පූර්ණ ජයග්‍රහණ තුනක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ පහක් වාර්තා කිරීමට සමත්වී ඇත. තරග දෙකක් පරාජයවී තවත් තරග දෙකකදී පළමු ඉනිමේ පරාජයන් හිමිවී ඇති අතර එක් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.

දකුණතින් පිත්ත හසුරුවන අවිෂ්ක චේනුක ශතකයක් සහ අර්ධ ශතක පහක් සමගින් ලකුණු 767 ක් රැස්කර ගනිමින් දේවපතිරාජ විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී තිබේ. කඩුලු 40 ක් දවාගත් පැතුම් මදුෂංක වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා විය. පැතුම් මදුෂංක පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 400 ක්ද රැස්කිරීමට සමත්විය.

දේවපතිරාජ විදුහල් නායක රවීන් යසස් ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 591 ක් සහ කඩුලු 39 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර තිසර දිල්ෂාන් අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 572 ක්ද සුදීර වීරරත්න ලකුණු 413 ක් සහ කඩුලු 22 ක් දවාගනිමින් දස්කම් දැක්වූහ.

දේවපතිරාජ විදුහල එක්දින තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයකදී මාතර රාහුල විදුහල පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

III වැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය මෙවර තරගාවලියේදී තරග හයක් ක්‍රීඩා කරමින් තරග හයම පරාජයවී තිබේ.

 

දේවපතිරාජ විදුහල
රවින් යසස් (නායක), සසිඳු සත්සර (උපනායක), අවිෂ්ක චේනුක, නිමේෂ් චතුරංග, පැතුම් මදුෂංක, තිසර දිල්ෂාන්, සුදීර වීරරත්න, කල්ප ගිම්හාන, චාමික සඳරුවන්, ජීවක ශශීන්, පවන් සංදේෂ්, නිතින් චමුද, සංජය දිල්ෂාන්, අනුෂ්ක ශෙහාන්, සසංක නිර්මාල්, ශෙහාන් හසරංග, රවිඳු රංදික, නිශාන්ත කුමාර (ක්‍රීඩාභාර ආචාර්ය), රංජන් ලසන්ත (පුහුණුකරු)

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය
තරූෂ දිල්ෂාන් (නායක), උදේෂ් මෙන්ඩිස් (උපනායක), ධනුෂ්ක ද සිල්වා, නිමේෂ් ද සිල්වා, කවිඳු ද සොයිසා, දිල්හාර ද සිල්වා, පසිදු දසනායක, කාවින්ද්‍ය සුරේෂන, සචින් දිල්හාර, ඉරෝෂ් ද සිල්වා, ලක්ෂාන් ද සොයිසා, මල්ෂ තරුපති, සුනෙත් මදුරංග, රවිඳු ද සිල්වා, මෝනක නිලංජන් (ක්‍රීඩාභාර ආචාර්ය), පරාක්‍රම වීරසිංහ (පුහුණුකරු)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...