. වයඹ සුලෝහිත සංග්‍රාමය පන්නලදී | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 26 වැනි බදාදා
වයඹ සුලෝහිත සංග්‍රාමය පන්නලදී
2017-04-03 13:44:48 | හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

පන්නල ජාතික පාසල හා හලාවත ආනන්ද ජාතික පාසල අතර ප්‍රථම වරට පැවැත්වෙන වයඹ සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය පන්නල ජාතික පාසල් ක්‍රිඩා පිටියේ දි  අප්‍රියෙල් මස 4 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

පන්නල ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම වත්මන් විදුහල්පති ඩී.එම්.එස්.යූ.බී.  බන්නැහැක මහතාගේ දැඩි කැපවීමකින් ආරම්භ කරණු ලැබු අතර ඒ අනුව ඔවුන්ගේ පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය වශයෙන් ද මෙම තරගය එම පාසලේ ඉතිහාසයේ සටහන් වනු ඇත.

හලාවත ආනන්ද ජාතික පාසල ගත වු වසර පහකට වැඩි කාලයක දි සිය පාසල් ක්‍රිකට් තරගයට තෝරා ගනු ලැබුයේ පුත්තලම ආනන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායමයි. මෙවර එම තරගය නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග කිරීමට කටයුතු යොදා ඇත. මෙම තරඟය ඕවර 50 කට සීමා වූ තරගයකි.

 

පන්නල ජාතික පාසල් කණ්ඩායම
නමික රුක්ශාන්,  තෙරුන් කල්පජීත් (නායක), ශිරාන් පතිරණ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), බී.එම්.එස්.යූ.බී. බන්නැහැක මහතා (විදුහල්පති), ජාලිය මධුසංක මහතා (පුහුණුකරු), සිතුම් අකලංක (උප නායක), දුශාන් තරිඳු, දිනුක ලක්ශාන්, පුලසිති කෞශාන්, ඩිල්ශාන් සුපුන්, හේශාන් මධුසංක, මයුරු දසන්ත, ඉසුරු සම්පත්, ලක්ශාන් මධුසංක, කුෂාන් එරංදික  හා  තරිඳුමධුශාන් යන පිරිස

හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම 

අශේන් ඉන්දික බන්ඩාර (නායක), අයි.එන්. වික්‍රමරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජේ.ඒ.ඩී. වික්‍රම මහතා (විදුහල්පති), රෝෂාන් පීරිස් මහතා (පුහුණුකරු), එන්. බණ්ඩාර (උප නායක), යසීර ලක්ශාන්, එන්. ප්‍රදීප්, එස්. පියුමන්ත, ඉෂාර මධුසංක, පසිඳු දේශාන්, පුබුදු අසින්ත, නවිඳු මධුසංක, ශාසිත සදාසර,   ශේශාන් මිහිඳු, සිතුම් සුලෝචන, හේශාන් චමුදිත, චාමික හසරංග යන පිරිස


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...
සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...