. නවිඳු නිර්මාල් ඡන්ද 75,000 කඩයිම පසුකරයි | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
නවිඳු නිර්මාල් ඡන්ද 75,000 කඩයිම පසුකරයි
2017-04-04 17:15:37 | ...

 

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) 12 වැනි සතිය නිමාවන විට ඡන්ද 75,000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 7155 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 77,417 කි.


මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 60,555 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 53,889 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 8658 ක් එක්කර ගැනීමට ලසිත් කෘස්පුල්ලේ සමත්ව ඇති අතර මොහොමඞ් නජත්ට ගෙවී ගිය සතිය තුළදී ලබගත හැකිව ඇත්තේ ඡන්ද 2023 ක් පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 6666 ක් බවට පත්ව තිබේ.


කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,265 ක් සහ 8178 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.


පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2306 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 137 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.


තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 178 ක් ලබා සිටියි.


මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  77,417
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 60,555
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  53,889
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,265
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  8178
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6399
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  5174
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1710
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1193
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1048
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  674
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  524
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 401
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 299
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  287
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  209
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  186
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 171
සංජුල අබේවික්‍රම  කොළඹ ඉසිපතන විදුහල 143
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල  102
 
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  2306
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  137
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  133
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  94
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  83
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 43
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 16
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
 
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   178
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  1

 

 

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 ධනංජය ප්‍රේමතිලක, 23/ඒ, තම්මිට, මකෙවිට

2 එම්. ඕ. ගුණවර්ධන, 15/5, දුම්රිය පාර, නුගේගොඩ

3 ලසන්ත සිල්වා, 452/5ඒ, හෝමාගම උතුර

4 ඒ. ජේ. පීරිස්, 163, දෙහිවල පාර, බොරලැස්ගමුව

 

-036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්...
2017-05-24 18:48:02
මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ...