. ‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් හෙට | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
‘ඒ’ කාණ්ඩයේ තරග 3 ක් හෙට
2017-04-07 17:17:13 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ (2017) පළමු වටයේ අවසන් සතිය යටතේ පළමු කොටසේ 1‘ඒ’ කාණ්ඩයේ තරග තුනක් හෙට (08) පැවැත්වේ.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර තරගය වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ද, කොළඹ රාජකීය විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ද, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර තරගය මහනුවර නිත්තවෙල පිටියේදී ද, අද පැවැත්වේ.

පළමු කොටසේ 1‘ඒ’ කාණ්ඩයෙන් ඉසිපතන, කොළඹ රාජකීය සහ ශාන්ත ජෝශප් යන විදුහල් මේ වන විටත් ‘කුසලාන’ ශූරතා වටයේ ස්ථාන වෙන්කර ගෙන සිටිති. අද පැවැත්වෙන තරගවල ප්‍රතිඵල අනුව ශාන්ත පීතර සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වලින් එක කණ්ඩායමක් ‘කුසලාන’ ශූරතා වටයට සුදුසුකම් ලබයි.

මහනුවර ධර්මරාජ සහ ඩී. එස්. සේනානායක යන කණ්ඩායම් මේ වන විටත් 1‘ඒ’ කාණ්ඩයෙන් ‘පළඟ’ ශූරතා තරගාවලියට පත්ව සිටියි.

පළමු කොටසේ 2‘ඒ’ කාණ්ඩයෙන් මහනුවර ත්‍රිත්ව, වෙස්ලි, මරදාන සහිරා සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල් මේ වන විටත් ‘කුසලාන ශූරතා’ වටයට සුදුසුකම් ලබා තිබේ. මොරටුව වේල්ස් කුමර සහ ගල්කිස්ස විද්‍යා යන පාසල් එම කාණ්ඩයෙන් ‘පළඟ’ ශූරතාවට වැටුණි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...