. ශ්‍රී ලංකාවේ උත්සාහයන් තුනම අසාර්ථකයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ උත්සාහයන් තුනම අසාර්ථකයි
2017-04-08 20:31:36 | .

ප්‍රතිවාදීන් අන්දමන්ද කරමින් පළමු භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම දෙවැනි භාගයේදී එය ඒ අයුරින්ම රඳවා තබා ගැනීමට අසමත්වීම නිසා ලෝක කුසලාන සත් සාමාජික රග්බිි තරගමාලාවට සුදුසුකම් ගෙන දෙන හොං කොං සත් සාමාජික තරගාවලියේ අද (8) පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 26-14 ක පරාජය විය. මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට හිස් අතින්ම ආපසු පැමිණීමට සිදුවී තිබේ.

සිකුරාදා ආරම්භ වූ මේ තරගාවලියේ ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයෙන් චිලී කණ්ඩායම හමුවේ ලකුණු 38-0 කින් පරාජය වූ අතර ඊයේ පස්වරුවේ සත්කාරක හොං කොං පිල හමුවේ ලකුණු 31-5 කින් පරාජයට පත්විය.

මූලික වටයේ තරග තුනම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා පිලට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දොරටු වැසී ගියේය.

අද තරගයේ මුල් මිනිත්තු කිහිපයේදී ගෝලයක් රැස් කරමින් නැමීබියාව ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට සමත්වූවද ජේසන් දිසානායක තැබූ අනගි උත්සාහක දිනුමක් ශ්‍රීනාත්  සූරියබණ්ඩාර විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකර ගත්තේය. කෙසේවුවත් පළමු භාගයේදී උත්සාහක දිනුමක් තැබීමේ අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකා පිලට මඟ හැරී යාම කැපී පෙනුණු අතර උත්සාහක දිනුමක් තැබීමට ධනුෂ්ක රන්ජන් ගත් වෑයම නැමීබියානු ක්‍රීඩකයෝ අවසන් මොහොතේ දී වළකා ගත්හ.

අනතුරුව නැමීබියානු පිල තවත් ගෝලයක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සමත්වූ අතර කරට කර සටනක නිරතවූ ශ්‍රී ලංකා පිල ඊට මොහොතකට පසුව ශ්‍රීනාත් සූරියබණ්ඩාර තැබූ කදිම උත්සාහක දිනුමක් ඔහු විසින්ම ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 14-14 කින් නැවත වතාවක් ලකුණු සංඛ්‍යාව සමකර ගත්තේ ප්‍රතිවාදීන් අන්දමන්ද කරවමිනි.

එහෙත් ඊට මොහොතකට පසුව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට තම පිලට අවශ්‍යවී තිබූ ලකුණු 5  උත්සාහක දිනුමකින් වාර්තා කිරීමට නැමීබියාව සමත්විය. අනතුරුව ශ්‍රී ලංකා පිල ඇද බැඳ තබාගත් නැමීබියානුවන් තරගය නිමාවීමට පෙර ගෝලයක් වාර්තා කරමින් සිය ලකුණු සංඛ්‍යාව 26 දක්වා ඉහළට ඔසවා තැබුවේය.

කෙසේවෙතත් අද පස්වරුවේ පැවැති  අර්ධ අවසන් පුර්ව වටයේදී ස්පාඤ්ඤය හමුවේ ලකුණු 33-0 ක දරුණු පරාජයට මුහුණපෑමට නැමීබියාවට සිදුවිය. සත්කාරක හොං කොං පිල ද ජර්මනිය හමුවේ ලකුණු 14-7 කින් පරාජයට පත්විය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් පුර්ව වටයේ දී චිලී කණ්ඩායම ජර්මනිය සමගත්, පැපුවා නිව්ගිනියානු පිල ස්පාඤ්ඤය සමගත් තරග වැදීමට නියමිතව ඇත.


- 077

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස (පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය) ප්‍රශ්නය - මේ වන විට ති...