. රාජකීයයන්ට රාජකීය ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා
රාජකීයයන්ට රාජකීය ජයක්
2017-04-09 18:53:45 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2017) පළමු වටයේ අවසන් සතිය යටතේ කොළඹදී පැවැති තරගයේදී කොළඹ රාජකීය විදුහල ලකුණු 48-35 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් විය.

මෙම තරගය සෙනසුරාදා පැවැත්විණ. රාජකීය විදුහල පළමු වටයේ තරග හයෙන් තරග 5 ක් ජය ලැබීමට සමත්ව සිටියි.

රාජකීය විදුහල් කණ්ඩායම ගෝල දිනුම් 5 කින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය. ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුම් 5 කින් ලකුණු රැස්කළේය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 19-14 ක් ලෙසින් රාජකීය විදුහල් පිල ඉදිරියේ විය.

 

රාජකීය - අන්තෝනි සිංගර් කුසලාන ලීග් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - වරුණ කරුණාසේකර)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...