. ලෝක ශූරතාවලියට මීටරයක් මෑතින් හෙල්ල බිම | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ලෝක ශූරතාවලියට මීටරයක් මෑතින් හෙල්ල බිම
2017-04-09 21:17:28 | නාමල් පතිරගේ

දියගම “මහින්ද රාජපක්ෂ” ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) නිමාව දුටු ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී වරුණ ලක්ෂාන්ට තවත් මීටරයකටත් අඩු දුරක් (සෙන්ටි මීටර 80 ක්) හෙල්ල විසිකළ නොහැකි වීම නිසා මේ වසරේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු මෙතෙක් දැක්වූ දෙවැනි හොඳම දස්කම වාර්තා කරමින් මීටර 82.19 ක දක්ෂතාවයක් ඊයේ වාර්තා කළ යුද හමුදා ක්‍රීඩක වරුණ ලක්ෂාන් එම දක්ෂතම මීටර 83.00ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූයේ නම් අගෝස්තු 4 සිට 13 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය හා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු දැක්වූ හොඳම දක්ෂතාවය වාර්තා කර තිබෙන (මීටර 83.04) සුමේධ රණසිංහ ඒ හේතුවෙන් රියෝ ඔලිම්පික් උළෙලට ද (2016) සුදුසුකම් ලබා ගත්තේය. සුමේධගේ දස්කම් ඊයේ මීටර 77.92 කට සීමා වූ අතර, ඔහු නොබෝදා “සිඞ්නි” නුවරදී නිමාව දුටු ඕස්ට්‍රේලියානු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙමින් මීටර 77.93 ක දක්ෂතාවයක් පෙන්වා තිබුණි.

ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය එළෙඹෙන “බැංකොක්” ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් එහි ශ්‍රී ලංකා පූර්ව පුහුණු සංචිතය නිර්දේශ කිරීම සඳහා පැවැත්වුණි. මෙම තරගාවලිය එළඹෙන මැයි 20 වැනිදා බැංකොක් නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ලබන ජූලි මාසය දක්වා කල්දමා තිබේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...