. ධර්මාලෝකයට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
ධර්මාලෝකයට කඩුලු 7 ක ජයක්
2017-04-10 15:00:11 | කැලණිය ලාල් එස්. කුමාර

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල හා කැලණිය ගුරුකුල විදුහල අතර පැවති 29 වැනි “කැලණි සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 27 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් කැලණිය ගුරුකුල විදුහල පළමුව පන්දුවට පහර දුන් අතර ඕවර 40.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 172ක් ලබාගත් අතර, ගුරුකුල විදුහල වෙනුවෙන් පෘතුවි රූසර පන්දු 51ක් තුළ ලකුණු 37ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක කරා ගිය ශ්‍රී ධර්මාලෝක විදුහල ඕවර 31.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 173 ලබා පහසු ජයග්‍රහණයක් ලැබූ අතර, වැඩිම ලකුණු ලබාගත් ධර්මාලෝක විදුහලේ හිමාලක ඉදුරංග පන්දු 32 ක් තුළ ලකුණු 64 ක් ලබා ගත්තේය. යුනිෂ විෂාන් පන්දු 65 ක් තුළ ලකුණු 51 ක් ද, සමිත රංග පන්දු 45 ක් තුළ ලකුණු 22ක් ද ලබා ගනිමින් ශ්‍රී ධර්මාලෝක විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියෝය.

තරගයේ වීරයාට හා තරගයේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලාන සම්මාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහලේ යුනිෂ ඩිෂාන් සමත් වූ අතර, එම විදුහලේම මනුර අක්ෂර හොඳම පන්දු රකින්නා ලෙසත්, හිමාලක ඉඳුරංග හොඳම පිතිකරු ලෙස ද සම්මාන දිනා ගනිමින් සම්මාන හතරම ධර්මාලෝක විදුහලට හිමි විය.


ගුරුකුල විදුහල ඕවර 40.5 කදී සියලු දෙනා දැවී ලකුණු 172
(පෘතුවි රූසර 37, කෙමිර නයනතරු 34, අසින්ත මල්ෂාන් 33, යුගිෂ දිෂාන් 31/3, මාධව කවිඳු 26/2, සමිත රංග 19/2)

ධර්මාලෝක විදුහල ඕවර 31.2 කදී කඩුලු 3 ක් දැවී 173
(හිමාලක ඉදුරංග 64, යුනිෂ විෂාන් 51, සමිත රංග 22)

 

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා, කැලණිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙ සම සභාපති තිලක් වරාගොඩ මහතා සහ විදුහල් දෙකේම විදුහල්පතිවරුන් විසින් ජයග්‍රාහී කුසලානය ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායමේ නායක සමිත රංගට ලබා දුන් අයුරු....

ජයග්‍රාහී කුසලානය හා තරගයේ වීරයාට, තරගයේ හොඳම පන්දු රකින්නාට, හොඳම පිතිකරුට, හොඳම පන්දු යවන්නාට හිමි කුසලාන පහම දිනාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම සම්මාන කුසලාන අතැතිව....


(ඡායාරූප - කැලණිය ලාල් එස්. කුමාර)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...