. නවිඳු නිර්මාල් ඡන්ද 85,000 සීමාව පසුකරයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා
නවිඳු නිර්මාල් ඡන්ද 85,000 සීමාව පසුකරයි
2017-04-11 17:40:40 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) 13 වැනි සතිය නිමාවන විට ඡන්ද 85,000 සීමාවද පසුකර යමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 9168 ත් සමගින් මේ වන විට මුලු ඡන්ද 86,585 ක් ලබා සිටින නවිඳු, දෙවැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාට වඩා ඡන්ද 16,490 ක් ඉදිරියෙන් සිටියි.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 70,095 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 56,556 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 9540 ක් එක්කර ගැනීමට ලසිත් කෘස්පුල්ලේ සමත්ව ඇති අතර මොහොමඞ් නජත්ට ගෙවී ගිය සතිය තුළදී ලබගත හැකිව ඇත්තේ ඡන්ද 2667 ක් පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 13,539 ක් බවට පත්ව තිබේ.

කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,311 ක් සහ 8794 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2409 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 199 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 207 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  86,585
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 70,095
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  56,556
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,311
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  8794
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6404
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  5358
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1742
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1203
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1101
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  677
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  524
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 495
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 326
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  287
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  213
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  196
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 175
සංජුල අබේවික්‍රම  කොළඹ ඉසිපතන විදුහල 157
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල  117
 
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  2409
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  199
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  157
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  83
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 16
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
 
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   207
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  1

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 එස්. එල්. ඒ. නවරත්න, ‘රුවනර’, ඉස්වැටියවත්ත, නාරම්මල
2 ජාලිය රංගජීව, 17/ඒ, මාහේන, උඩතුත්තිරිපිටිය
3 රොහාන් ඇලොසියස්, රාමනාදන් පෙදෙස, දෙහිවල
4 සුවිනීතා සේනාධීර, 14, වෑවල පල්ලිය පාර, වැලිගම්පිටිය, ජා ඇල

 

- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස (පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය) ප්‍රශ්නය - මේ වන විට ති...