. ශූරයා දිනේෂ් : ශූරිය තනුෂි | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
ශූරයා දිනේෂ් : ශූරිය තනුෂි
2017-04-11 17:45:48 | ශානුක අරවින්ද

ආසියානු - ජර්මන් ක්‍රීඩා හුවමාරු වැඩසටහන සහ කෑගලු දිස්ත්‍රික් මේසපන්දු සංගමය සමග එක්ව සංවිධානය කළ සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්කද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූද සම්මාන දිනා ගත්හ.

වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී තරග වට 3-0 ක් ලෙස මහනුවර කින්ස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් පරාජය කරමින් දිනේෂ් කවිෂ්ක තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.

තනුෂි රොද්‍රිගූ දක්ෂතම ක්‍රීඩිකාව බට පත් වූයේ වයස 18 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී තරග වට 3-2 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා පරාජය කරමිනි.

කෑගලු විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන අරාධිතා ලෙස කෑගලු දිස්ත්‍රිත් මේසපන්දු සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහභාගි විය.

බාලක තරග ප්‍රතිඵල

වයස 10 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (07/11, 15/13, 11/07, 04/11, 11/08)

වයස 12 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හසිඳු රොද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/08, 14/12)

වයස 15 න් පහළ
චන්දූප අලහකෝන් (මහනුවර කින්ස්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/07, 11/06)

වයස 18 න් පහළ
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කින්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/04)

බාලිකා තරග ප්‍රතිඵල

වයස 10 න් පහළ
ලසන්‍යා සෙතුම්දී (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඉමල්ෂා සෙව්මිනි (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/06, 11/06, 13/11)

වයස 12 න් පහළ
නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (07/11, 06/11, 11/08, 11/09, 14/12)

වයස 15 න් පහළ
ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස අයිලා චිටේටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/01, 11/09)

වයස 18 න් පහළ
තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/09, 06/11, 11/13, 11/09)

 

වයස් කාණ්ඩ ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ...


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...