. රග්බි පුහුණුකරුට අභියෝගාත්මක වගකීමක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
රග්බි පුහුණුකරුට අභියෝගාත්මක වගකීමක්
2017-04-22 20:25:21 | මිලාන් පෙරේරා

ආසියානු රග්බි ශූරතාවලියේ I වැනි කොටසේ තරගාවලියට සහභාගි වීම සඳහා කරමින් ලබන මස මැලේසියාව බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම තෝරාගැනීමට ක්‍රීඩකයන් 74 දෙනකුගෙන් සමන්විත සංචිතයක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ෆිජී ජාතික ෆෙරෙටි වෙරබුලා පත් කරමින් ආසියානු රග්බි පිටියේ නව ඉසව් සොයා යාමට පටන් ගෙන ඇති ශ්‍රී ලංකා රග්බි ආයතනය මේ සංචිතයේ පුහුණුවීම් කටයුතු නව පුහුණුකරුට පවරා තිබේ.

ආසියානු රග්බි ශූරතාවලියේ I වැනි කොටසේ තරගාවලිය මැයි මස 14 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වන අතර පළමු දිනයේදී පිලිපීනය සමග තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පිල මැයි 17දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගත්, මැයි මස 20දා මැලේසියාව සමගත් තරග කරනු ඇත.

ශ්‍රී ලංකා පිලට  නැවත ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රධානතම තරගාවලියට එක්වීමට නම් මේ පළමු කොටසේ තරගාවලිය ජයගත යුතුය.

නිමාවූ අන්තර් සමාජ ලීග් රග්බි  තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වෙරබුලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර ඔහු පැපුවා නිව්ගිනියා සත් සාමාජික රග්බි පිලේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.


ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි සංචිතය :
ගනුක දිසානායක, ශෙහාන් දිමිත්‍රි, ගයාන් රත්නායක, සයුරි ඇන්තනී, චමීර සිල්වා, ශෙහාන් පතිරණ, බුවනෙක උඩංගමුව, රොෂාන් වීරරත්න, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, අර්ෂද් ජමාල්ඩීන්, ෆාසිල් මරිජා, ධනුෂ්ක රන්ජන්, කාංචන රාමනායක, රිචඞ් ධර්මපාල, ලවංග පෙරේරා, විශ්වමිත්‍ර ජයසිංහ, දනූෂ දයාන්, ජේසන් දිසානායක, නයිජල් රත්වත්ත, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්වර, තිළිණ විජේසිංහ (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු ද කොස්තා, ෂේන් සම්මදපෙරුම, තාරික් සාලේ, තරින්ද රත්වත්ත, භානුක නානායක්කාර, ෂසාන් මොහොමඞ්, කවිඳු පෙරේරා, ප්‍රින්ස් චාමර, ඕමල්ක ගුණරත්න, අනුරාධ හේරත්, චාමර සඳනායක, ගයාන් ජයමාන්න, රීසා මුබාරක් (සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.) සුදර්ශන මුතුතන්ත්‍රී, ෂැරෝ ප්‍රනාන්දු, ගනිඳු ලක්ෂාන්, ලසිඳු කරුණාතිලක, සුදම් සූරියආරච්චි, ජේසන් මෙල්ඩර්, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ප්‍රසාද් මධුසංඛ, දුලාජ් පෙරේරා, නිරෝෂන් ප්‍රනාන්දු, හිරන්ත පෙරේරා, නිෂෝන් පෙරේරා, රොහාන් ත්‍යාගරාජා, චාමර දාබරේ, අෂාන් ඩාලින්, කෙවින් ඩික්සන් (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය) ධනුෂ්ක පෙරේරා, සුපුන් පීරිස්, නිවංක ප්‍රසාද්, සජිත් සාරංග, සත්‍යා රණතුංග, ස්ටීවන් ග්‍රෙගරි, දුලාංජන විජේසිංහ, චානක චන්දිමාල්, රිචී ධර්මපාල, ලී කීගල්, දිනූෂ චතුරංග, බුද්ධිම පියරත්න, තිළිණ වීරසිංහ, ළහිරු ලක්ෂාන්, සාලිය හඳපාන්ගොඩ (නාවික හමුදා ක්‍රීඩා සමාජය) මූෂින් ෆලීල්, ජොයෙල් පෙරේරා, රදීෂ සෙනෙවිරත්න, අචල පෙරේරා, චාල්ස් ප්‍රවීන්, වජීද් ෆවුමි, රීසා රෆායිඩීන් (පොලිස් ක්‍රීඩා සමාජය), ඉරංග ආරියපාල (යුද හමුදා ක්‍රීඩා සමාජය)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...