. ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 100,000 ආසන්නයේ | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 100,000 ආසන්නයේ
2017-04-26 16:10:42 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ පෙරළියක් ඇති කරමින් 15 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත් වී ඇත. ඉකුත් සති දෙක තුළදී ලබාගත් ඡන්ද 29,086 ත් සමගින් මුළු ඡන්ද 99,181 ක් ලබා සිටන ලසිත්ට ඡන්ද 100,000 පසුකර යෑම සඳහා අවශ්‍යව ඇත්තේ තවත් ඡන්ද 819 ක් පමණි.

සති 9 ක් පුරා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, දෙවැනි ස්ථානයට ඇද දමමින් ලසිත් එහි පෙරමුණට පැමිණ තිබේ. මේ වන විට ඡන්ද 93,167 ක් ලබා සිටින නිර්මාල්, ඉකුත් සති දෙක තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 6582 ක් පමණි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින ඡන්ද පරතරය 6014 කි.

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 58,825 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සති 2 තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 2269 ක් එක්කර ගැනීමට ඔහු සමත්ව තිබේ.  

කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,371 ක් සහ 8890 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2592 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 230 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 260 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 99,181
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  91,167
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  58,825
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,371
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  8890
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6407
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  5632
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1773
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1242
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1205
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 686
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  677
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  531
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 430
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  291
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  221
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල  208
අසේල් සිගේරා කොළඹ ආනන්ද විදුහල 183
සංජුල අබේවික්‍රම  කොළඹ ඉසිපතන විදුහල 181
ජෙහාන් ඩැනියෙල්  මරදාන ශාන්ත ජෝෂප් විදුහල  117
 
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  2592
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  230
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  189
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  83
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 27
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
 
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   260
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  1

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 කාවින්ද්‍යා රසාංජිලී, 92/4, අමුණුකුඹුර, වතුරගම
2 ටී. සී. අබේනායක, ඒ-15-බී/සී-1-42, රන්පොකුණුගම, නිට්ටඹුව
3 යුස්ටස් ප්‍රනාන්දු, 308 බී, ජුබිලි මාවත, කටුනායක
4 පරාක්‍රම ප්‍රනාන්දු, 40/9, බෙල්ලන්තර පාර, දෙහිවල

 

- 036 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...