. ලුම්බිණි - බණ්ඩාරනායක සීම්ත ඕවර තරගය 6දා | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
ලුම්බිණි - බණ්ඩාරනායක සීම්ත ඕවර තරගය 6දා
2017-05-01 17:57:09 | ගම්පහ තිලකරත්න දිසානායක

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර “නීල හරිත” මහා ක්‍රකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගය මේ මස 6 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙම තරගය පිළිබඳ දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැති අතර මෙහිදී බණ්ඩාරනායක විදුහල්පති ලාල් දිසානායක මහතා අදහස් දක්වමින් පැවසූවේ කොළඹින් පිටත පාසලක් මෙවන් තරගයකට සහභාගී වීමේදී විවිධ බාධක පවතින බවත් එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, බණ්ඩාරනායක විද්‍යාලයෙන් නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයෙකු බිහි කිරීමට හැකි වූ බවයි.

ලුම්බිණි විදුහලේ විදුහල්පති කේ.ජී විමලසේන මහතා වෙනුවෙන්  ක්‍රීඩා භාර ආචාර්ය බී. එම්. එස්. දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ලුම්බිණි විද්‍යාලයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකර ඇති බැවින් ඉදිරියේදීද එවැන් තත්ත්වයක් ඇතිකරගැනීම අපේක්ෂාව ඇති බවයි.


ලුම්බිණි කණ්ඩායමේ නායකයා ලෙස තනුක දාබරේද සහ බණ්ඩාරනායක කණ්ඩායමේ නායකයා ලෙස සසිරි අධිකාරීද කටයුතු කරති. බණ්ඩාරනායක විදුහලේ පුහුණුකරු ලෙස කණිෂ්ක අමරසිංහ මහතාද, ලුම්බිණි විදුහලේ පුහුණුකරු ලෙස දිනේෂ් වීරසිංහ මහතාද කටයුතු කරති.

 

බණ්ඩාරනායක කණ්ඩායමේ නායක සසිරි අධිකාරී සහ
ලුම්බිණි කණ්ඩායමේ නායක තනුක දාබරේ

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...