. රුහුණු රන් හටන 5-6 මාතරදී | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
රුහුණු රන් හටන 5-6 මාතරදී
2017-05-02 21:18:49 | සටහන හා ඡායාරූප - දික්වැල්ල එස්. ගලප්පත්ති

දකුණේ සුපතල මැදි මහ විදුහල් දෙකක් වූ දික්වැල්ල විජිත හා වීරකැටිය රාජපක්ෂ විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන රුහුණු රන් හටන ක්‍රිකට් තරගය මෙම මස 05, 06 දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය මෙවර තරගයේ සත්කාරක පාසල ලෙස කටයුතු කරයි.

2010 වසරේ දී ආරම්භ වී ඇති මෙම ක්‍රිකට් තරගයේ ප්‍රථම ජයග්‍රහණය 2015 වසරේ දී දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම හිමිකර ගෙන ඇති අතර සියලු තරග ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

දික්වැල්ල විජිත විදුහල් පිල එම්. දහම් වෙනුසර ද සිල්වාගේ නායකත්වයෙන් තරග වදී. 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වන මොහු දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. මෙවර තරග වාරයේදී තරග 09කට සහභාගි වෙමින් ශතක 02ක් හා එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 529 ක් හා කඩුලු 37ක් දවාගෙන ඇති අතර දවා ගැනීම් 03කට දායක වී ඇත.

එම්.බී. ජනිදු සුසද බණ්ඩාර උපනායකයා ලෙස කටයුතු කරයි. ඔහු 04 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වන අතර මෙවර තරග වාරයේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වේ. තරග 09 ක දී එක් ශතකයක් හා අර්ධ ශතක 05 ක් සමඟින් මුලු ලකුණු 642 ක් ලබාගෙන ඇත.

විජිත පිලේ පුහුණුකරු ලෙස එච්.ඩබ්ලිව්. දිනුෂ ජයසංක මහතා කටයුතු කරන අතර ආචාර්යවරුන් ලෙස බී. වික්‍රමරත්න හා එස්. යොහාන් තරිඳු හා ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස එල්.ජී. සුජිත් යන මහත්වරු කටයුතු කරති.

05 වැනි වසරේ ක්‍රීඩකයකු වන වී.පී. චාමික ෂෙහාන් වීරකැටිය රාජපක්ෂ පිලේ නායකත්වය දරන අතර කණ්ඩායම මෙහෙයවීම දෙවැනි වරටත් හිමිකරගෙන ඇත. වමතින් පිත්ත හසුරුවමින් තරගයේ තත්ත්වය අනුව තම පිතිහරඹ විලාසය වෙනස් කළ හැකි දක්ෂ පිතිකරුවෙකි.

උපනායකත්වය දරන ටී.ඒ. ඉසුරු ලෝචන 02 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වන අතර වමතින් පිත්ත හසුරුවන්නෙකි. දකුණත් පන්දු යවන්නෙකි.

වීරකැටිය පිලේ පුහුණුකරු ලෙස පී.ආර්.ඒ. හශාන් තරින්ද මහතා ද ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස ආර්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා ද කටයුතු කරති.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර යුගයේ දකුණු පළාතේ ආරම්භ කළ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාල දෙකක් වන මෙම විදුහල් දෙක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටියි.

 

විජිත මධ්‍ය විද්‍යාල ක්‍රිකට් සංචිතය -
එම්. දහම් වෙනුසර ද සිල්වා (නායක), එම්.බී.ජනිදු සුසද බණ්ඩාර (උපනායක), එස්.එස්. සචික් චානුක, කුෂාන් මලින්ද, ආර්.ඩී. මතීෂ ලෝචන, ඩී. රන්දික මධුෂාන්, මේනුෂ දිනූ සචින්ත, ජී.ඒ.පී. දිමුතු පැතුම්, එල්.එම්. හිරුණ මුතුකුමාරණ, එස්.එච්. හසිඳු අංජන, ජී.ජී. ළහිරු කෝසල, රමේෂ් මධුෂාන් වැලිගමගේ, ආර්.ඩී. මනීෂ ලක්ෂිත, කවිඳු ශවීන්ක, සුමුදු ප්‍රභාත් සිරිවර්ධන, විශ්ව දේශාන් ගලප්පත්ති, එන්.ටී. සචිදු දෙව්ෂාන්

 

වීරකැටිය රාජපක්ෂ  ක්‍රිකට් සංචිතය -
වී.ජී. චාමික ශෙහාන්, (කණ්ඩායම් නායක) ටී.ඒ. ඉසුරු ලෝචන (උපනායක), ඩබ්.ඒ. පසන් සත්සර, කේ.එච්. උදාර හංසක, ආර්. චරිත් ඉෂාර, ඩබ්. පිවිතුරු ප්‍රියදසුන්, කේ.බී. තරිඳු උෂාන්, එම්. ජිනීත මලිත්, ඒ. රවිෂාන් ශ්‍රීකාන්ත, සංදීප මහානාම, ජී.ජී.එම්. සුරාජ් දිලංකර, ජේ.එච්.කේ. විදුර සුභාෂණ, ඩබ්. අභිෂේක් ප්‍රමුදිත, කේ.ජී. මනෝද් නිලුමින්ද, අයි.ඒ. ලක්විඳු සම්පත්, ඩබ්.ජී. නිවිඳු ඕෂද, ඩබ්ලිව්. සතිර යුගසර

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...