. ආනන්ද - රිච්මන්ඩ් අවසන් තරගය 8 - 9 | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
ආනන්ද - රිච්මන්ඩ් අවසන් තරගය 8 - 9
2017-05-06 20:10:32 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගය කොළඹ ආනන්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර මේ මස 8 සහ 9 යන දිනවලදී කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගනිමින් ආනන්ද විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රිච්මන්ඞ් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලට  එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගනිමිනි.

‘බී’ කාණ්ඩායේ ශූරයන් බවට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ආනන්ද විදුහල, එහිදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

‘ඒ’ කාණ්ඩායේ ශූරයන් බවට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් රිච්මන්ඞ් විදුහල, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එහිදී කොළඹ මහානාම විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.

කවිෂ්ක අංජුල ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර කමිඳු මෙන්ඩිස් රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි. ආනන්ද විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙස දිලීප ජයලත්ද, රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙස හසරු චාමිකරද කටයුතු කරති.

 

ආනන්ද විදුහල් කණ්ඩායම -
කවිෂ්ක අංජුල (නායක), දිලීප ජයලත් (උප නායක), සම්මු අෂාන්, අසේල් සිගේරා, සහන් සුරවීර, සුපුන් වරාගොඩ, දුෂාන් හෙට්ටිගේ, කමේෂ් නිර්මාල්, චාමික ගුණසේකර, ළහිරු අත්තනායක, කවිඳු ගිම්හාන්, කළණ ප්‍රමෝද්, ළහිරු උදයංග, අචිල ඉරංග, ශ්‍යාමල් හිරුෂාන්, දමින්ද රෙෂාන්, ප්‍රමේෂ් අබේනායක, හසිඳු ශිමංක, ප්‍රියංකර නන්දසේන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), රොහාන් සොයිසා මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ අමල් ප්‍රනාන්දු මහතා (සහායක පුහුණුකරු)

 

රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම -
කමිඳු මෙන්ඩිස් (නායක), චාමිකර හේවගේ (උප නායක), ධනංජය ලක්ෂාන්, අවිඳු තීක්ෂණ, තිලංග උදීෂන, තවීෂ අභිෂේක්, රවිෂ්ක විජේසිරි, ආධිත්‍ය සිරිවර්ධන, සඳුන් මෙන්ඩිස්, විෂ්මිත විජේසිරි, කසුන් තාරක, විනුල කිරිඇල්ල, තිසර දිවන්, දුවීන් කලංසූරිය, සත්සර කුමාර, දමිත් ප්‍රසන්න මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ධම්මික සුදර්ශන මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ ලක්මාල් ද සිල්වා (සහායක පුහුණුකරු)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...