. ඉදිරිපෙළ ආරම්භක ස්ථානය අෂාන්ට | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ඉදිරිපෙළ ආරම්භක ස්ථානය අෂාන්ට
2017-05-06 22:53:43 | ශානුක අරවින්ද

වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී අද (6 වැනිදා) පැවැති ‘කොළඹ සුපර් ක්‍රොස්’ තරගාවලියේ කාලය මැනීමේ තරග වලදී ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වන එස්. එල්. ජී. ටී.  කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය වාර්තා කිරීමට  අශාන් සිල්වා සමත් විය.

ඒ අනුව ඔහු හෙට (7 වැනිදා) පැවැත්වෙන තරගයේදී එම ඉසව්වේ ඉදිරිපළ ආරම්භක ස්ථානයේ සිට තරගය ආරාම්භ කිරීමට නියමිතය. කාලය මැනීමේ තරගයේ එක් වටයක් නිමා කිරීම සඳහා අෂාන්ට ගත වූ අවම කාලය තත්ත්පර 42.033 කි.

තත්ත්පර 42.905 කින් එක් වටයක් නිමා කළ පසිඳු පීරිස් එම ඉසව්වේ දෙවැනි ආරම්භක ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ඉකුත් වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වූ උෂාන් පෙරේරා තත්ත්පර 43.100 කින් වටයක් නිමා කරමින් එහි තෙවැනි ආරම්භක ස්ථානයට හිමිකම් කීවේය.

එස්. එල්. එච් කාණඩයේ (සිලින්ඩර ධාරිතාව 1618 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 47.539) වාර්තා කිරීමට සමත් වූ කුෂාන් පීරිස්, ඉන් නොනැවතී එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 48.776) වාර්ථා කිරීමටද සමත් විය.

කෙසේ වුවත් අද පස්වරුවේ ඇද හැළුණු දාරාණිපාත වර්ෂාව හේතුවෙන් එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ මෙන්ම ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගයේද කාල ගණනයන් පැවැත්වීම නොහැකි විය.

තරග කිහිපයක කාලය මැනීමේ ප්‍රතිඵල

එස්. එල්. ජී ටී කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා - තත්. 42.033
2 පසිඳූ පීරිස් - තත්. 42.905
3 උෂාන් පෙරේරා - තත්. 43.100

එස්. එල්. එච් කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 47.539
2 සකීර් වහබ් - තත්. 48.249
3 උපුල්වන් සේරසිංහ - තත්. 49.306

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 48.776
2 රන්දික නිරෝෂන් - තත්. 50.014
3 උපුල්වන් සේරසිංහ - තත්. 50.530

ඡායාරූප - ශානුක අරවින්ද

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...