. පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 53-48ක පරාජයක් | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 53-48ක පරාජයක්
2017-05-08 13:08:53 | පැතුම් ශ්‍රී විජේරත්න

ආසියානු රටවල් 10ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ ජොංජු (Jeonju)  නගරයේදී ආරම්භ වුණු ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් තායිලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට පෙරේදා (06දා) සිදුවිය.

 වත්මන් ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාව, තායිලන්තය හමුවේ ලකුණු 53-48ක් ලෙසින් පරාජය වූ අතර, එය මෙරට දැල්පන්දු ඉතිහාසයේ තායිලන්තය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව මෙහිදී පළමු කාර්තුව ලකුණු 18-08ක් වශයෙන් පෙරමුණ ගනිමින් ප්‍රබලව නැගී සිටි, එම ජයග්‍රහී රිද්මය තරගය අවසන් වනතෙක් පවත්වා ගැනීමට නොහැකි විය. ඒ අනුව දෙවැනි කාර්තුව 06-14ක්, තෙවැනි කාර්තුව ලකුණු 13-16ක් හා සිවුවැනි කාර්තුව ලකුණු 11-15ක් වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීතා රාජපක්ෂක විදින්නිය ලෙස දස්කම් දැක්වීමට සමත්වූවාය.

මේ වනවිට අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩාය, තරගාවලියේ රැඳී සිටීමට නම් ඉදිරියේදී පැවැත්වෙන තරග ත්‍රිත්වයම (08දා පාකිස්තානය, 09දා මාලදිවයින,10දා හොංකොං) ජයගත යුතුව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එහිදී හොංකොං කණ්ඩායම සමඟ තරගය අතිශය වැදගත් හා තීරණාත්මක තරගයක් වනු ඇත.පළමු තරගයෙන්ම අනපේක්ෂිරත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (07දා) විවේකී දිනයක් විය.

මේ අතර ඊයේ දිනයේ තරග හතරක් පැවැත් වූ අතර, එහිදී හොංකොං හමුවේ ලකුණු 75-02ක් ලෙස පාකිස්තානය පරාජය විය. සත්කාරක දකුණු කොරියාවල සිංගප්පූරුව හමුවේ 108- 06ක් ලෙස දැවැන්ත පරාජයකට ලක්වූ අතර  තායිලන්තය,මාලදිවයිනට එරෙහිව ලකුණු 60-28ක ජයක් ලැබීය.
 
දිනයේ අවසන් තරගය ලෙස මැලේසියාව හා ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 91-20ක් ලෙස ජය මැලේසියාවට හිමිවිය. තරගාවලියේ ආරම්භක දිනය වූ පෙරේදා (06දා) ඉන්දීය කණ්ඩායම තරග සඳහා සහභාගි නොවූ අතර, ඔවුන් ඊයේ (07දා) සන්ධ්‍යාවේ දකුණු කොරියාවට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළේ සිට ක්‍රීඩාංගණයට වෙත වාර්තා කිරීම සුවිශේෂී විය.

මෙම තරගාවලියේ සමාරම්භක උලෙළ පෙරේදා (06දා) ජොංජු නුවර හවාසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු තරගයට ඉන්දීය කණ්ඩායම සහභාගි නොවූ හෙයින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගය දකුණු කොරියානු වේලාවෙන් රාත්‍රී 7.00 ට පැවැත්වීමට නියමිතව තිබුණද, පසුව එය සවස 5.00 ට පැවැත්විණි.

මේ අතර පෙරේදා (06දා) පැවැති අනෙක් තරගයෙන් පාකිස්තානු කණ්ඩායම පරදවා ලකුණු 49 - 07ක් වශයෙන් පහසු ජයක් ලැබීමට මාලදිවයින් ක්‍රීඩිකාවන් සමත් විය. එමෙන්ම ඉන්දියාව නොපැමිණීම හේතුවෙන් දකුණු කොරියාවට නිතරග ජයක් හිමිවිය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  ඒ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට හොංකොං, තායිලන්තය,  මාලදිවයින හා පාකිස්තානය ඇතුලත්ව තිබේ. පසුගියවර (2015) අනුශූරියන් වූ මැලේසියාව බී  කාණ්ඩයෙන් තරග වදින අතර, සිංගප්පූරුව, චීන තායිපේ,  ඉන්දියාව හා සත්කාර දකුණු කොරියාව එම කාණ්ඩයට ඇතුලත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මූලික වටයේ දෙවැනි තරගය, පාකාස්තානය එරෙහිව මෙරට වේලාවෙන් අද (08දා) පෙග.ව. 11.30 ට (ද.කොරියානු වේලාවෙන් ප.වග. 3.00 ට) පැවැත්වීමට නියමිතය.

මීට අමතරව මැලේසියාව - චීන තායිපේ සමඟ ද, මාලදිවයින - හොංකොං රාජ්‍යන් සමඟ ද, ඉන්දියාව - සිංගප්පූරුව සමඟ ද අද (08දා) තරග කිරීමට නියමිතව ඇත. 

srilal gamage2017-05-08 16:16:06
අපි හොඳට කියවනවා... ඔබට ස්තුතියි !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...