. දැල්පන්දු මුල් පුටුවට ෂෙරින් - ට්‍රික්ෂි සටනට | කෙළිමඬල
2017 නොවැම්බර් මස 25 වැනි සෙනසුරාදා
දැල්පන්දු මුල් පුටුවට ෂෙරින් - ට්‍රික්ෂි සටනට
2017-05-08 14:06:31 | නාමල් පතිරගේ

හිටපු සභාපතිනියන් දෙදෙනකු සභාපති ධුරයට තරග වදින ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2017-18) මෙම 30 වැනිදා පැවැත්වීමට දැන් තීරණය කර තිබේ.

 වසර 2006-08 කාල සීමාවේදී දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනි ෂෙරීන් කුමාරතුංග මහත්මිය හා වසර 2001-02 එහි සභාපතිනිය ලෙස කටයුතු කළ ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය එළඹෙන නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාරදී තිබේ. ඇය මේ වනවිට රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ සභාපතිනිය ලෙසත් කටයුතු කරයි. 

මේ අතර දැල්පන්දු සම්මේලනයේ හිටපු තවත් සභාපතිනියක් වන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය මෙවර නිලවරණයේදී තෝරාගන්නා එකම උපසභාපති ධුරය සඳහා නිතරගයෙන් පත්ව සිටින්නේ ජනසතු සේවා දැල්පන්දු සංගමය නියෝජනය කරමිනි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී මෙතෙක් නිලධාරී මණ්ඩලයට ඇතුළත් කර තිබූ නියෝජ්‍ය සභාපති ධුරය අහෝසි කර තිබේ. ඒ අතර එතෙක් පැවැති උපසභාපති ධුර පහ එකකට පමණක් සීමා කර තිබේ.

වත්මන් ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය (කළුතර) හා ජයන්ති සෝමසේකරම් ද සිල්වා (වෙළඳ සේවා) මෙවර ප්‍රධාන ලේකම් ධුරය සඳහා තරග වදිති.

කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමය නියෝජනය කරන පද්මිණි ජයන්තා හොරණගේ මහත්මිය දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික ධුරයට දැනටමත් නිතරගයෙන් පත්ව සිටින්නේ ඒ සඳහා ඉදිරිපත්ව ඇත්තේ ඇගේ නාමයෝජනාව පමණක් නිසාය.

නිමාලි චාන්දනී ද සිල්වා මහත්මියගේ පත්වීමත් නිතරගයෙන් සිදුව තිබෙන අතර ඒ උපභාණ්ඩාගාරික ධුරය සඳහාය. කෙසේවුවත් උපලේකම් ධුරය සඳහා පමණක් පවතින අතර ඒ සඳහා ශිරෝමි කුරුප්පු මහත්මිය (ශ්‍රී ලංකා පාසල්) හා තනුජා දිසානායක මහත්මිය (තරුණ සේවා) නාමයෝජනා බාරදී තිබේ.

වත්මන් සභාපතිනි යශා රාමචන්ද්‍ර හා නියෝජ්‍ය සභාපතිනි යස්මින් ධර්මරත්න, භාණ්ඩාගාරිකා ලසානි රේණුකා කුරුප්පු යන මහත්මීන් ඇතුළු දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිලධාරිනියන් බහුතරයක් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීම කැපී පෙනේ.

මෙම 30 වැනිදා පෙරවරු 10ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී දැල්පන්දු සම්මේලනයේ නිලවරණය කැඳවා තිබුණත් එය කලින් යොදාගෙන තිබුණේ පසුගිය අප්‍රේල් 29 වැනිදා පැවැත්වීමටය.

එහෙත් විගණන වාර්තා ලබාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් එය කල්දැමීමට සිදුවුවත් ඊයේ වනවිටත් එම වාර්තා දැල්පන්දු සම්මේලනයට ලැබී නොතිබුණි. එහි ප්‍රකාශිකාවක් ලංකාදීපයට පැවැසුවේ පසුගිය කාල සීමාවේ අනුමත විගණන වාර්තා ඉදිරි දින කීපය තුළදී දැල්පන්දු සම්මේලනයට ලැබීමට නියමිත බවයි.

කෙසේවුවත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දැල්පන්දු සම්මේලනයේ 2011, 2012 හා 2014 යන වසරවල පාලන සමයන්හි ගිණුම් වාර්තා ද මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැත.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
දික්වැල්ල තරගයේ වාසිය වීසිකර දමයි...
2017-11-24 19:00:24
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාග්පූර් නුවරදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පන්දුවට පහර දෙමින් සිටි...