. ලසිත් පෙරමුණ තහවුරු කරගනියි | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
ලසිත් පෙරමුණ තහවුරු කරගනියි
2017-05-10 14:27:26 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 17 වැනි සතිය නිමාවන විට පිට පිටම තෙවැනි වරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ තහවුරු කරගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 8,070 ත් සමගින් මේ වන විට ලසිත් ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 119,916 කි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 108,239 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5,064 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින ඡන්ද පරතරය 11,677 කි.

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 60,172 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගැනීමට සමත්ව ඇත්තේ ඡන්ද 598 ක් පමණි.

කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,432 ක් සහ 9001 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 2736 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 249 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 300 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 119,916
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  108,239
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  60,172
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,432
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9001
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6413
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  5985
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1804
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1325
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1205
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 956
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  688
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  531
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 489
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  291
 
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  2736
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  249
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  238
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 43
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
 
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   300
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  1

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 එච්. එම්. ආරියරත්න, 122/17, ගනේවත්ත, ලේවැල්ල, මහනුවර
2 නාදන් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
3 යසිරු දිල්ෂාන්, 426/2, අරලියගහවත්ත, දොරපේ, අඟුලාන  
4 අජිත් අබේරත්න, 50/1, සිරිපා පාර, කොළඹ 5


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...