. ආනන්දය ශූරතාව දිනාගනී | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
ආනන්දය ශූරතාව දිනාගනී
2017-05-10 16:58:15 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය. කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) සහ පෙරේදා (8 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කරමින් ආනන්ද විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ආනන්ද විදුහල, කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටි අතර පන්දු 286 කදී හයේ පහරක් සහ හතරේ පහර 18 ක් සමගින් නොදැවී ලකුණු 130 ක් රැස්කළ ආනන්ද විදුහලේ කළණ විජේසිරි තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. අසෙල් සිගේරා (54) සමග එක්ව ආනන්ද ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කළණ විජේසිරි සමත් වූ අතර පන්දු 98 කදී වාර්තා වූ අසෙල් සිගේරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ඉන් නොනැවතුන කළණ, 6 වැනි කඩුල්ල වෙනුවෙන් කවිෂ්ක අංජුල (35) සමග එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවක්ද, 8 වැනි කඩුල්ල වෙනුවෙන් සුපුන් වරාගොඩ (නොදැවී 27) සමග එක්ව ලකුණු 86 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.  

රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් තිලංග උදීෂන, අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවා ආනන්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට කඩුලු 4 ක් බිඳ වැටී ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබූ දී රිච්මන්ඞ් විදුහල එම අසීරු තත්ත්වයෙන් ගොඩගත් අවිඳු තීක්ෂණ, පන්දු 160 කදී පහර 10 ක් සමග ලකුණු 80 ක් රැස්කිරීමට සමත් විය.

තවීෂ අභිෂේක් (46) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අවිඳු තීක්ෂණ, ඉන් නොනැවතී කසුන් තාරක (25) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙනයෑම සඳහා මනා අඩිතාලමක් දැමීය.  

නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සඳුන් මෙන්ඩිස් පන්දු 99 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කළ අතර දුවීන් කලංසූරිය (නොදැවී 36) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් රිච්මන්ඞ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ ආනන්ද විදුහල් කණ්ඩායමේ සුපුන් වරාගොඩ ලකුණු 91 කට කඩුලු 4 ක් දවාගනිමින් රිච්මන්ඞ් පිතිකරුවන් පීඩනයට පත් කළේය.

අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගනිමින් ආනන්ද විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රිච්මන්ඞ් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගනිමිනි.


රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - කඩුලු 8 කට 307
(අවිඳු තීක්ෂණ 80, සඳුන් මෙන්ඩිස් නොදැවී 63, තවීෂ අභිෂේක් 46, දුවීන් කලංසූරිය නොදැවී 36, කසුන් තාරක 25, රවිෂ්ක විජේසිරි 21, ධනංජය ලක්ෂාන් 12, සුපුන් වරාගොඩ 91/4, අසේල් සිගේරා 80/2)

ආනන්ද විදුහල පළමු ඉනිම - කඩුලු 7 කට 273
(කළණ විජේසිරි නොදැවී 130, අසේල් සිගේරා 54, කවිෂ්ක අංජුල 35, සුපුන් වරාගොඩ නොදැවී 27, තිලංග උදීෂන 32/2, අවිඳු තීක්ෂණ 54/2, සඳුන් මෙන්ඩිස් 107/2)

ආනන්ද විදුහල

රිච්මන්ඞ් විදුහල

(ඡායාරූප - දමිත් වික්‍රමසිංහ)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...