. තිළිණි හෙන්දහේවා ත්‍රිත්ව ශූරතා දිනාගනී | කෙළිමඬල
2017 අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා
තිළිණි හෙන්දහේවා ත්‍රිත්ව ශූරතා දිනාගනී
2017-05-14 17:11:29 | ශානුක අරවින්ද

නුවරඑළිය වාර්ෂික බැඩ්මින්ටන් ශූරතාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ත්‍රිත්ව ශූරතා දිනාගත් තිළිණි හෙන්දහේවා සහ ද්විත්ව ශූරතා දිනාගත් බුවනෙක ගුණතිලක සමත් වූහ.

වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් විවෘත කාන්තා කේවල අවසන් මහා තරගයේදී වට 2-1 ක් (21/16, 16/21, 21/16) ලෙස කවිඳි ඉෂාදිකා පරාජය කළ තිළිණි හෙන්දහේවා, සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව (කවිඳි ඉෂාදිකා) සමග එක්ව විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වට 2-0 ක් ලෙස ඉතා පහසුවෙන් හෂිනි අම්බලන්ගොඩ සහ දිල්මි ඩයස් පරාජය කළාය. ඉන් නොනැවතුණ ඇය, විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී සචින් ඩයස් සමග එක්ව රංජිත් දහනායක සහ නදීෂා ගයන්ති පරාජය කළේ වට 2-1 ක් (18/21, 21/10, 21/10) ලෙසනි.

ඉතා තියුණු තරගයකින් පසුව සචින් ඩයස් පරදවා වට 2-1 ක් (21/23, 21/19, 21/17) ලෙස විවෘත පිරිමි කේවල අවසන් මහ තරගය ජයගත් බුවනෙක ගුණතිලක, සිය ප්‍රතිවාදි ක්‍රීඩකයා (සචින් ඩයස්) සමග එක්ව විවෘත පිරිමි යුගල අවසන් මහ තරගය ජයගත්තේ වට 2-0 ක් (21/08, 21/13) ලෙස ඉමේෂ හසරංග සහ විභවි මධූෂ පරාජය කරමිනි.

මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය, නුවරඑළිය නගරසභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය දින 6 ක් පුරා නුවරඑළිය නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී ඉසව් 26 ක් සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 485 දෙනෙක් තරග වැදුණහ.

මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහ මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති මෙන්ම නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද  දොඩම්පේගමගේ මහතා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

වයස 11 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රෙෂාන් දිඹුක්වලගේ
අනුශූරතාව - හිරුක සහන්මිත්

වයස 11 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - රනිත්මා ලියනගේ
අනුශූරතාව - චිරන්‍යා ජයවර්ධන

වයස 13 න් පහළ (බාලක) කේවල
ශූරතාව - සංජන දේවසුරේන්ද්‍ර
අනුශූරතාව - මන්තුක රූපතුංග

වයස 13 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - එන්. නාගහවත්ත
අනුශූරතාව - මනීෂා ජයවර්ධන

වයස 15 න් පහළ (බාලක) කේවල
ශූරතාව - දුමිඳු අබේවික්‍රම
අනුශූරතාව - චනිරු මින්මිත

වයස 15 න් පහළ (බාලක) යුගල
ශූරතාව - දුමිඳු අබේවික්‍රම සහ තෙනුක ද සිල්වා
අනුශූරතාව - සෙතුම් පෙරේරා සහ සවින්ක වීරසේකර

වයස 15 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - යෙහෙනිකා කුරුප්පු
අනුශූරතාව - සුහන්සා විදානගේ

වයස 15 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - යෙහෙනිකා කුරුප්පු සහ අයිෂ්වර්යා රවිචන්ද්‍රන්
අනුශූරතාව - මනුලි මිතාරා සහ හේෂානී පළිහක්කාර

වයස 17 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රසිඳු හෙන්දහේවා
අනුශූරතාව - ප්‍රවීන් භානුක අබේසිංහ

වයස 17 න් පහළ (බාලක) යුගල
ශූරතාව - දුන්ෂාන් හෙට්ටිආරච්චි සහ කකොල්යා සිල්වා
අනුශූරතාව - දීගායු කහටපිටිය සහ කකිඳු රණවීර

වයස 17 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - දිල්මි ඩයස්
අනුශූරතාව - නදාරා ගුණවර්ධන

වයස 17 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - නදාරා ගුණවර්ධන සහ සුරනි වික්‍රමසිංහ
අනුශූරතාව - හංසිමා ආශිර්වාදි සහ නිවර්ති විජේවර්ධන

වයස 19 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රන්තුෂ්ක කරුණාතිලක
අනුශූරතාව - විරාන් අනුසංග පෙරේරා

වයස 19 න් පහළ (බාලක) යුගල
ශූරතාව - ලකිඳු ද සිල්වා සහ රදිත් මිලාන
අනුශූරතාව - මොවිඳු හල්ලොලුව සහ නිලංක රන්දිල්රුක්ෂාන්

වයස 19 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - හසිනි අම්බලන්ගොඩ
අනුශූරතාව - හසාරා විජේරත්න

වයස 19 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - ගීත්මි අබේරත්න සහ හසිනි අම්බලන්ගොඩ
අනුශූරතාව - කාවින්ද්‍යා රත්නදාස සහ අමාලි සමරනායක

විවෘත පිරිමි කේවල
ශූරතාව - බුවනෙක ගුණතිලක
අනුශූරතාව - සචින් ඩයස්

විවෘත පිරිමි යුගල
ශූරතාව - සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක
අනුශුරතාව - ඉමේෂ හසරංග සහ විභව මධූෂ

විවෘත කාන්තා කේවල
ශූරතාව - තිළිණි හෙන්දහේවා
අනුශූරතාව - කවිඳි ඉෂාදිකා

විවෘත කාන්තා යුගල
ශූරතාව - තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා
අනුශූරතාව - හසිනි අම්බලන්ගොඩ සහ දිල්මි ඩයස්

විවෘත මිශ්‍ර යුගල
ශූරතාව - සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා
අනුශූරතාව - රජිත දහනායක සහ නදීෂා ගයාත්‍රි

 

විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක

විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් තිළිණි හෙන්දහේවා

විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගත් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක

විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගත් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස (පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය) ප්‍රශ්නය - මේ වන විට ති...