. සංගාගේ ශතකය සරේ පිලට ජය ගෙනේ | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
සංගාගේ ශතකය සරේ පිලට ජය ගෙනේ
2017-05-15 20:27:11 | .

කුමාර් සංගක්කාරගේ අගනා ශතකය (නොදැවී 124) නිසා එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 66 ක ජයක් අත්කරගැනීමට සරේ ප්‍රාන්ත කණ්ඩායම සමත් විය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව සරේ පිලට මෙම ජයග්‍රහණය හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ඉලක්කයක් හඹාගිය සරේ ප්‍රාන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 38 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය. ඒ වන විට සරේ ප්‍රාන්ත කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වී තිබුණේ ලකුණු 173 ක් පමණි.
 
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 121 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 124 ක් රැස්කරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදුවේය.

මාර්ක් ස්ටොනෙමන් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, ඉන් නොනැවතී රෝරි බර්න්ස් (නොදැවී 39) සමග එක්ව පන්දු 132 කදී ලකුණු 128 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 52 කදී වාර්තා වූ මාර්ක් ස්ටොනෙමන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 54 කදී වාර්තා වූ රෝරි බර්න්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝජ් බේලි පන්දු 132 කදී නොදැවී ලකුණු 145 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි.

පිතිකරුවන් පස් දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවායෑමට පෙර දැවී යද්දී ජෝජ් බේලි සමග එක්ව හැම්ප්ෂයර් ඉනිම ගොඩනැගූ කයිල් ඇබට් පන්දු 77 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය. බේලි සහ ඇබට් එක්ව හැම්ප්ෂයර් ප්‍රාන්ත ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 154 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 152 කි.

සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ රවී රාම්පාල් ලකුණු 61 කට කඩුලු 4 ක් දවාගත්තේ කයිල් ඇබට්ගේ කඩුල්ලත් සමගිනි.


හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 කට 271
(ජේම්ස් වින්ස් 20, ජෝජ් බේලි නොදැවී 145, ලියෑම් ඬේව්සන් 17, කයිල් ඇබට් 56, රවී රාම්පාල් 61/4, සෑම් කරන් 55/2)

සරේ ප්‍රාන්ත කණ්ඩායම - ඕවර 38 කදී කඩුලු 2 කට 238
(මාර්ක් ස්ටොනෙමන් 53, කුමාර් සංගක්කාර නොදැවී 124, රෝරි බර්න්ස් නොදැවී 39)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...