. කොළඹ ටෙනිස් තරගාවලියට 800 ක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
කොළඹ ටෙනිස් තරගාවලියට 800 ක්
2017-05-16 17:22:26 | ශානුක අරවින්ද
 
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට ජූනි මස 11 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  තරගාවලියේ ඉසව් 28 ක් සඳහා මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත්, ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් වර්ධනය හැකි බවත් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී තරගාවලි අධ්‍යක්ෂ උදිත් වික්‍රමසිංහ මහතා පැවැසීය.

 
මෙම තරගාවලියේදී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවැත්වේ. 

එහිදී ප්‍රවීණ තරගකරුවන් සඳහා වයස 35 න් ඉහළ, 45 න් ඉහළ, 55 න් ඉහළ සහ 65 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ සහ යුගල තරග පැවැත්වෙන අතර රෝද පුටු අංශය සඳහා ද කේවල සහ සහ යුගල තරග පැවැත්වේ.
 
කනිෂ්ඨ අංශයේ තරග වලදී එක් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි උපරිම ඉසව් සංඛ්‍යාව 3 ක් බවත්, ඉන් එක් ඉසව්වක් අනිවාර්යෙන්ම යුගල ඉසව්වක් විය යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ සුදුසුකම් ලත් නිලධාරීන් වන ධාරක එල්ලාවල මහතා සහ අංජන ද සිල්වා මහතා පිළිවෙලින් තරගාවලියේ ප්‍රධාන තරග තීරකවරයා ලෙසත්, ප්‍රධාන විනිසුරුවරයා ලෙසත් කටයුතු කරති. 
විෂන් කෙයාර් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර පෙරේරා සහ පුත්‍රයෝ සමාගමත්, රල්හුම් ට්‍රේඩිං පුද්ගලික සමාගමත් එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මේ මස 19 වැනිදායින් අවසන් වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම 22 වැනිදාද, තරග සැකැස්ම සඳහා කුසපත් ඇදීම 23 වැනිදාද ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්වේ. 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...