. යසිතට පෙරළිකාර ජයක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
යසිතට පෙරළිකාර ජයක්
2017-05-16 23:09:48 | ශානුක අරවින්ද

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කරන එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජාතික ශූර ශාමල් දිසානායකට එරෙහිව වට 2-0 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට යසිත ද සිල්වා සමත් විය.


ශාමල් දිසානායක මෙවර ඬේව්ස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට එක එල්ලේම ඇතුළත් වූ ක්‍රීඩකයෙක් වන අතර යසිත ද සිල්වා එම කණ්ඩායමට ඇතුළත් වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටින ක්‍රීඩකයෙකි.


පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරග වලදී ජයග්‍රහණ අත්කර ගැනීමට හීරා අෂික්, සංඛ අතුකෝරල සහ මුෆාසල් හුසේන් යන ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව අවසන් පූර්ව වටයේදී හීරා අෂික්ට එරෙහිව සංඛ අතුකෝරලද, මුෆාසල් හුසේන්ට එරෙහිව යසිත ද සිල්වාද, තරග වැදීමට නියමිතය.


කාන්තා කේවල අර්ධ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කර ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රුක්ෂිකා විජේසූරිය, නිම්නා ප්‍රනාන්දු සහ රොෂෙන්කා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී සෙනුරි ඇලෙක්සැන්ඩර් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ ප්‍රබුද්ධි පෙරේරා හමුවේ නිතරග ජයක් ලබමිනි.


ඒ අනුව රුක්ෂිකා විජේසූරියට එරෙහිව සෙනුරි ඇලෙක්සැන්ඩර්ද, නිම්නා ප්‍රනාන්දුට එරෙහිව රොෂෙන්කා ප්‍රනාන්දුද අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.


මෙම තරගාවලිය ලබන 20 වැනිදා දක්වා එස්. එස්. සී. ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී පැවැත්වේ.


අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල

පිරිමි කේවල

හීරා අෂික් විසින් තරග වට 2-0 ක් ලෙස නිෂාංගන් නඩරාජා පරාජය කරන ලදි (7/5, 6/3)

සංඛ අතුකෝරල විසින් තරග වට 2-0 ක් ලෙස දුමිඳු දිලුම් පරාජය කරන ලදි (6/4, 6/2)

මුෆාසල් හුසේන් විසින් තරග වට 2-1 ක් ලෙස අවින්ද්‍ර පෙරේරා පරාජය කරන ලදි (6/7, 6/3, 6/2)

යසිත ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කරන ලදි (7/5, 6/2)

 

කාන්තා කේවල

රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි (6/1, 6/3)

සෙනුරි ඇලෙක්සැන්ඩර් විසින් ප්‍රබුද්ධි පෙරේරා හමුවේ නිතරග ජයක් වාර්තා කරන ලදි.

නිම්නා ප්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස ටාරා ග්‍රේග් පරාජය කරන ලදි (7/5, 6/2)

රොෂෙන්කා ප්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය පරාජය කරන ලදි (7/6, 6/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...