. සුනීල සංග්‍රාමයේ ස්වර්ණ ජයන්තිය මොරටුවේදී | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
සුනීල සංග්‍රාමයේ ස්වර්ණ ජයන්තිය මොරටුවේදී
2017-05-17 16:05:42 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර ස්වර්ණ ජයන්ති සුනීල සංග්‍රාම මහා ක්‍රිකට් තරගය මේ මස 20, 21 දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

අම්බලන්ගොඩට කිලෝමීටර් 50 කටත් වැඩි දුරකින් මෙවර සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගය පවත්වනුයේ මේ දක්වා 49 වතාවක් මේ ක්‍රිකට් තරගය පැවැත් වූ අම්බලන්ගොඩ මහජන ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙවර තරගය පැවැත්විය නොහැකි බැවිනි. දැනට වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය කරන බව කියතත් තවම එහි නිමාවක් නැත.  

ධර්මාශෝක විදුහලේ සත්කාරයෙන් පැවැත්වෙන ස්වර්ණ ජයන්ති සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගයේදී ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම උෂාන් ඉමන්තද විසින්ද දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම අමිඳු උදාර මෙන්ඩිස් විසින්ද මෙහෙයවනු ලබති.

ගෙවී ගිය සුනීල සංග්‍රාම ක්‍රිකට් තරග 49 යෙන් තරග 38 ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ. තරග 10 ක් ධර්මාශෝක විද්‍යාලය විසින් ජය ගන්නා ලදී. දේවානන්දය තරගයක් පමණක් ජයගෙන ඇත. ඒ 1968 දීය.  ධර්මාශෝක විද්‍යාලය අවසන්වරට තරගයක් ජයගත්තේ 2013 වසරේදීය. 2015-2016 දෙවසරේදී පිට පිටම තරග දෙක ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 2014 වසරේදී මේ තරගය නොපැවැත්වුණි.

මෙවර සිය එකොළොස්වැනි සුනිල සංග්‍රාම ක්‍රිකට් තරග ජයග්‍රහණය අභිලාෂයෙන් පිටියට බසින ධර්මාශෝක විද්‍යාලය මේ වසරේ පැවැති වයස 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේදී තමන් මුහුණදුන් තරග 9 න් 4 ත පූර්ණ ජයග්‍රහණ ලබා ඇත. 

ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ නායක කේ. ඩබ්ලිව්. උෂාන් ඉමන්ත හතරවන වසරේ වර්ණ ලාභියෙකි. වමතින්  පිත්ත හසුරුවන දකුණතින් පිට දඟපන්දු යවන ඔහු එම කණ්ඩායමේ සිටින දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාය. හතරවන වසරේ වර්ණලාභියෙකු වන හර්ෂජින් රුෂාන් කණ්ඩායමේ උපනායකයාය. වමතින් පිත්ත හසුරුවන දකුණතින් පා දඟපන්දු යවන ඔවුන් කණ්ඩායමේ සිටින දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 

කණ්ඩායමේ සිටින පළ පුරුදුම ක්‍රීඩකයා කඩුලු රකින කවීෂ්කුමාරය. ඔහු හයවන වසරේ වර්ණ ලාභියෙකි. දකුණතින් පන්දුවට පහරදෙන කවීෂ් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවාය. කණ්ඩායමට වේගයෙන්ම ලකුණු ලබාදෙන ලකුණු යන්ත්‍රය ලෙසින් කවීෂ් සැලකේ. 

රවිඳු රසාන්ත කණ්ඩායමේ සිටින විශ්වාසවන්තම පිතිකරුවාය. මෙවර ශූරතාව දිනූ දකුණු පළාත් වයස 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රවිඳු දෙවන වසරේ වර්ණලාභියෙකි. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාද වන ඔහු සිය වසරේ (2016) පැවැති සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේදී අමාරුවේ වැටී සිටි ධර්මාශෝක විද්‍යාල ලකුණු 82 ක් ලබාගනිමින් තනිවම ගොඩදැමීමට සමත් වූ වයස 17න් පහළ ක්‍රීඩකයෙකි.
දිනුක දිල්ෂාන් සහ ඔහුගේ එකම සොහොයුරා වන කවිඳු නදීෂාන්ද ලෂිත් කුමාර, නිමේෂ් මෙන්ඩිස්, කසුන් මධුරංග කණ්ඩායමට සිටින තවත් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. 

සිය දෙවැනි සුනීල සංග්‍රාම ක්‍රිකට් තරග ජයග්‍රහණය කෙසේ හෝ තමන් සතුකර ගැනීමේ අරමුණින් පිටියට බසින දේවානන්ද විදුහල් කණ්ඩායම මෙවර පැවැති වයස 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේදී මුහුණදුන් තරග 13 න් තරග 3 කදී පූර්ණ ජයග්‍රහණ ලබා ඇත. ඊට අමතරව තරග 5 කදී පළමු ඉනිමේ ජයග්‍රහණද ලබා තිබේ. 
දේවානන්ද විද්‍යාලයේ නායක අමිදු උදාර මෙන්ඩිස් කණ්ඩායමේ සිටින විශ්වාසවන්තම පිතිකරුවාය. මෙවර තරගවාරයේදී ඔහු අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 512 ක්  රැස්කරගෙන ඇත. 

ගිය වසරේ පැවැති 49 වැනි සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගයේදී ශතකයක් ලැබූ අමිඳු උදාර මෙන්ඩිස් දේවානන්ද ක්‍රිකට් ඉතිහාස පොතට එක්වූ ක්‍රීඩකයෙකි. ඒ සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගයක් දේවානන්ද විදුහලේ ශතකයක් රැස්කළ දෙවැනි ක්‍රීඩකයා වීමෙනි. දේවානන්නීයයකු එවන් දස්කමක් කළේ වසර 20 පසුවය. උපනායක සචිඳු උද්දීපන කණ්ඩායමේ සිටින දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. මෙවර තරගාවලියේදී ඔහු අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 369 ක් රැස්කරගෙන ඇත.

මෙවර තරගාවලියේදී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන චතුර මිලාන් පලපුරුදුම ක්‍රීඩකයාය ගිය වසරේ පැවැති 49 වැනි සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගයේ නායකයා වූ චතුර මිලාන් මෙවර තරගාවලියේදී ශතකයක් හා අර්ධ ශතක පහක් සමගින් ලකුණු 653 ක් ලැබුවෙකි.
 
කණ්ඩායමේ සිටින නිත්‍ය කඩුලු රකින්නා වන කවිඳු ෂෙහාන් දක්‍ෂතම පිතිකරුවාය. මෙවර තරගාවලියෙන් ඔහු අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 639 ක්  ලබාගෙන ඇත. මෙවර ශූරතාව දිනූ වයස 19න් පහළ දකුණු පළාත් කණ්ඩායමේ සාමාජිකයෙකුවන කවිඳු ෂෙහාන් මේ වසරේ පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලින් දක්‍ෂතම පිතිකරුවාට හිමි සම්මාන කිහිපයක්ම දිනාගෙන ඇත.

සජිල සංකල්ප, සමින් මධුෂාන්, චරිත් රුක්ෂාන්, ඉමේෂ් මධුසංඛ, චරිත් චින්තක, විකුම් උදාර හා කවිඳු රාජපක්‍ෂ කණ්ඩායමේ සිටින තවත් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෝය.

ධර්මාශෝක විදුහල් කණ්ඩායම ඉදිරිපෙළ වාඩිවී  (ඩබ්ලිව්. තිලාන් (සහාය පුහුණුකරු) කවීෂ් කුමාර, විරාජ් චමින්ද (ක්‍රීඩා ලේකම්) කේ.ජී. තිලකරත්න (නියෝජ්‍ය විදුහල්පති) හසිත කේෂර වෙත්තමුණි (විදුහල්පති) උෂාන් ඉමන්ත (නායක) අජිත් ප්‍රේමලාල් (ක්‍රීඩාභාර ආචාර්ය) හර්ෂජින් රුෂාන් (උපනායක) ඉසුරු සුෂ්ක (ප්‍රධාන පුහුණුකරු) දෙවන පෙළ සිටගෙන (කවිදු නදීෂාන් ලොහාන් ද සිල්වා, රවිදු රසාංග, චංක කරුණාරත්න, සංචින් සංගීත්, නිමේෂ් මෙන්ඩිස්, දිනුක දිල්ෂාන් කසුන් මධුරංග, අකිල මෙන්ඩිස්, සුභාෂ් හසංග, රයන් රීෂන්)
දේවානන්ද විදුහල් කණ්ඩායම පළමු පෙළ වමේ සිට චතුර මිලාන් සුරාජ් සංජීව (පුහුණුකරු හා ක්‍රීඩාභාර ආචාර්ය) අමිඳු උදාර මෙන්ඩිස් (නායක) උපුල් ජය ශ්‍රී (විදුහල්පති) සචිදු උද්දීපන (උපනායක) සාගර ධනංජය (සහාය පුහුණුකරු) දෙවන පෙළ වමේ සිට කවිදු සොහාන්, කුෂාන් කුමාර චරිත් රුක්ෂාන් නිමේෂ් සිල්වා, කවිදු රාජපක්‍ෂ, අංජන කෞශාන්, දසුන් ධනංජය, සමිත් මධුෂාන් තෙවන පෙළ වමේ සිට ඉමේෂ් මධුසංඛ, විහඟ මධුභාෂන, ප්‍රවීන් අවිශ්ක, චරිත් චින්තක කෞෂාන් මිලක්‍ෂා විකුම් උදාර, සජිල සංකල්ප


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...