. පාපන්දු විධායක සභාව ක්‍රීඩා ඇමති හමුවෙයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
පාපන්දු විධායක සභාව ක්‍රීඩා ඇමති හමුවෙයි
2017-05-18 17:30:15 | නාමල් පතිරගේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව  හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වේ.

 ඒ සඳහා විධායක සභාවේ සාමාජිකයන් 27 දෙනාටම ආරාධනා ලැබී තිබෙන අතර එහි විධායක සභාව රැස් නොකිරීම පිළිබඳව එහි සභාපතිවරයාට එරෙහිව එහි සාමාජිකයන් 17 දෙනකු ඉකුත්දා ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 30 වැනිදා පාපන්දු සභාපතිවරයා කැඳවූ හදිසි විධායක සභා රැස්වීමක් එහි සාමාජිකයන් පිරිසකගේ විරෝධතා නිසා අතරමග අත්හිටුවීමට සිදුවිය.

ක්‍රීඩා ඇමතිවරයා හා පාපන්දු සම්මේලනයේ විධායක සභාව අතර අද පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාව ගැන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“මේ සාකච්ඡාවට ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළේ මායි. නිලවරණයෙන් පත්වූ පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නිලධාරීන් සමග සාකච්ඡාකිරීමෙන්  පසුවයි මා ඇමැතිවරයා හමුවෙන්න තීරණය කළේ.

ආසියානු පාපන්දු සමුළුව දැන් දැනුම්දීලා තිබෙනවා මා අප්‍රේල් 30 වැනිදා කැඳවූ විධායක සභා රැස්වීම නීති විරෝධි නොවන බවට. පාපන්දු සම්මේලනයේ ඇතැම් පාර්ශ්ව උනන්දු වෙලා හිටියා. දැන් පාපන්දු සම්මේලනයේ උද්ගත වෙලා තිබෙන ප්‍රශ්න ගැන මම ක්‍රීඩා ඇමැතිවරයාට කියන්න ගියානම් තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් වෙනවා කියලා ආසියානු පාපන්දු සමුළුවට පැමිණිලි කරන්න ඒ නිසා ඒ පිළිබඳව මා ආසියානු පාපන්දු සමුළුව දැනුවත් කරලයි අද ක්‍රීඩා ඇමැතිවරයා මුණ ගැහෙන්නෙ.

වසරක නිල කාලයකට පමණක් පත්කරගත් පාපන්දු සම්මේලනයේ අනු කමිටු තනතුරු මේ වන විට අහෝසියි. ඒ තීන්දු අපි ගන්නෙ විධායක සභාව හා මධ්‍යම කමිටුවේ අනුමැතියෙන්. ඒ සියළු කාරණා ගැන අද අපි ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරන්නත් කටයුතු කරනවා. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...