. තේරීම් තරග 27-28 දියගමදී | කෙළිමඬල
2018 මැයි මස 25 වැනි සිකුරාදා
තේරීම් තරග 27-28 දියගමදී
2017-05-23 20:49:22 | සුසිල් ප්‍රේමලාල්

ලබන අගෝස්තු 19 සිට 30 දක්වා චීන-තායිපේ හි දී පැවැත්වීිමට නියමිත 29 වැනි  ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ලංකාවෙන් ක්‍රීඩා  කණ්ඩායම් හතක්  සහභාගී කරවීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. මලල ක්‍රීඩා, මේස පන්දු, බැඞ්මින්ටන්, පිහිණුම්, බර ඉසිලීම්, ටෙනිස් සහ ටයිකොන්ඩෝ යන ක්‍රීඩා කණ්ඩායම් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු බවට යෝජනා වී ඇත.

මෙම ක්‍රීඩා උළෙලට යැවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම මේ දිනවල සිදු කෙරෙන අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන තේරිම් තරග මෙම 27 සහ 28 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකිර්ණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතය.

පිහිණුම් ක්‍රීඩාවෙන් දැනටමත් ක්‍රීඩකයින් 3ක් සහ ක්‍රීඩිකාවන් 3ක් තෝරා ගෙන ඇත. අදාළ ක්‍රීඩා උළෙලට යැවෙන මලල ක්‍රීඩා කණ්ඩායම 20 දෙනෙකුට සීමා වන අතර සමස්ත ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම 50 ඉක්මවන සංඛ්‍යාවක් විය හැකි බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය පවසයි.

සිවු වසරකට වරක් ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සමානව සංවිධානය කෙරෙන අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් රැසක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීම ද විශේෂත්වයකි.

මෙවර ක්‍රීඩා උළෙල ක්‍රීඩා 21 ක්  ඇතුළත් කොට ඇත. ඊට ලොව සෑම රටකින්ම විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කෙරෙන අතර සහභාගීවීමට අපේක්ෂිත සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14,000 ඉක්මවාලිය හැකි බව ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය පවසයි.

අවසන් වරට 2015 වසරේදී ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල දකුණු  කොරියාවේදී පැවැත්විණ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...