. ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29දා සිට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29දා සිට
2017-05-24 17:35:45 | සුසිල් ප්‍රේමලාල්

මේ වසරේ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය ලබන ජූලි 29 සිට නොවැම්බර් 26 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව තීරණය කොට ඇත. මෙම තරගාවලිය  නියෝජනය කිරීම සඳහා ප්‍රධාන පෙලේ පාපන්දු කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබා සිටිති. 

කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, කලුතර ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් ක්‍රීඩා සමාජය,  වෙන්නප්පුව ක්‍රීඩා සමාජය , ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, සොලීඞ් ක්‍රීඩා සමාජය, නිගම්ඹු යූත් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, අප්කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා  පොලිස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ පොලිකන්ස් ක්‍රීඩා සමාජය, මෙවර ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ගියවර  තරගාවලිය නියෝජනය කළ ලද පාපන්දු කණ්ඩායම් 4ක් (මාතර සිටි ක්‍රීඩා, ජාවාලේන් ක්‍රීඩා, සිවිල් ආරක්ෂක ක්‍රීඩා සහ තිහාරිය යූත් ක්‍රීඩා) මෙවර ඉවත් කොට ඇති අතර ගත වූ වසරේ පළමු කොටසේ පාපන්දු ශූරයන් වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ අනු ශූරයන් වූ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය ප්‍රිමියර් ලීග් තරගාවලියට උසස් කොට ඇත. 
ලීග් තරගාවලියක් වන බැවින් කණ්ඩායමකට තරග 15 කට සහභාගි වීමට සිදුවෙයි. 

මෙවර ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය මීට පෙර ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වූ නමුදු ජූලි 19 සිට 23 දක්වා කිරිගිස්ථානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු  සංගම් කුසලාන  මූලික වටයේ  තරගාවලිය  නියෝජනය කිරීමට ශ්‍රී ලංකා වයස අවු 23 න් පහළ පාපන්දු  කණ්ඩායම රටින් බැහැරව සිටින හෙයින් එතෙක් ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රමාද කරන ලදි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...