. මලල ක්‍රීඩා නිලවරණයට එරෙහිව පැමිණිල්ලක් | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
මලල ක්‍රීඩා නිලවරණයට එරෙහිව පැමිණිල්ලක්
2017-05-27 21:01:58 | සුසිල් ප්‍රේමලාල්

මෙම 30 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහ සභාව සහ නිලවරණය අධිකරණයට ගොනුකර ඇති පැමිණිල්ලක් හේතුවෙන් කල්දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

මෙවර නිලවරණයේදී තනතුරු අපේක්ෂකයින්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉකුත් සිකුරාදා (26දා) අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙවර මලල ක්‍රීඩා නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ට ක්‍රීඩා පනතට අනුව තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් මලල ක්‍රීඩා නිලවරණ මණ්ඩලයට යොමුකොට ඇති විරෝධතා සැලකිල්ලට නොගැනීම හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම තත්ත්වය යටතේ මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වීම සම්බන්ධව ව්‍යාකූල තත්වයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත. පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධව මෙම 29 වැනිදා (සඳුදා) අධිකරණයේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

යම් අයුරකින් මලල ක්‍රීඩා නිලවරණය සඳහා අධිකරණය මගින් වාරණ නියෝගයක් පැනවුවහොත් ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි දෙකකට (ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සහ ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කිරීමේ අවස්ථාවද මගහැරී යනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග හෙළිකරයි.

නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් ප්‍රකාශයට පත්කළ හොත් මලල ක්‍රීඩාවේ ඉදිරිපරිපාලන කටයුතු ගෙනයාම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට අතුරු පාලන කමිටුවක් පත්කිරීමට සිදුවන අතර එහි වලංගුභාවය සම්බන්ධව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇත.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...