. මලල ක්‍රීඩා මුල් පුටුව පාලිතට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
මලල ක්‍රීඩා මුල් පුටුව පාලිතට
2017-05-30 16:19:34 | සුසිල් ප්‍රේමලාල් සහ නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ  නව  සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 47 කින්  තේරී පත් විය. පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 72 ක් ලබාගනිද්දී මෙතෙක් කලක් සභාපතිධූරයේ කටයුතු  කළ සුගත් තිලකරත්න මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 32 ක් පමණි. මෙවර  මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නිලධාරී මණ්ඩලය ඉදිරි වසර  හතරක කාලයක් සඳහා පත්ව සිටී.


ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේදී පැවති මලල ක්‍රීඩා සංගම් නිලවරණයේ ප්‍රධාන ලේකම්  ධූරයට ප්‍රේමා පින්නවල මහතාත්, භාණ්ඩාගාරික ධූරයට ශාන්ත ද සිල්වා මහතාත්, උප ලේකම්  ධූරයට බර්නාඞ් පෙරේරා මහතාත් නිතරගයෙන් පත් වූහ.


උප සභාපති ධූර හතක් සඳහා පැවති ඡන්ද විමසීමේදී ලාල් චන්ද්‍රකුමාර(68), නිමල් එස්  පෙරේරා(67),  එච්. ඩබ්ලිව් නිමල්සිරි(66), අනිල් වීරසිංහ (61), ඒ. එස්. ලක්මාල් (53), නයන්ති කුමාරි චන්ද්‍රසේන (44) සහ අයිරාංගනී රූපසිංහ (39) යන මහත්ම මහත්මීහු තේරී  පත් වූහ. එහිදී ලාල් චන්දකුමාර මහතා ඡන්ද 68ක් ලබා ගනිමින් උප සභාපති සටනේ වැඩිම ඡන්දලාභියා විය.


පාසල් නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයකු සහ උප ලේකම්වරයා පසුව පත් කෙරෙනු ඇත.


උප භාණ්ඩාගාරික ධූරය  සඳහාද ඡන්ද විමසීමක් පැවති අතර එච්.ඒ උපාලි මහතා ඩැඩි ඡන්ද 21 කින් සම්පත් ජයසේන මහතා පරාජයට පත්කරමින් එම ධූරයට පත්විය.


මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී සභාපති තනතුර සඳහා වූ සටන කිසියම් තියුණු මුහණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරුණද එවැන්නක් සිදු නොවීය. මලල ක්‍රීඩා සභාපති තනතුරට අලුතින් යළි  පත් වූ  පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙර දීර්ඝ කාලයක් එම තනතුර හෙබවූ ප්‍රවීණයෙකි.


මෙවර නිලවරණයේදී ජයලැබූ අය මෙන්ම පරාජය වූ සියලු පාර්ශවලද සහයෝගය ඇතිව ඉදිරි මලල ක්‍රීඩා සංවර්ධන කටයුතු කඩිනමින් දියුණු කරන බව  පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය. තමාගේ සේවා කාලයේ ඇතැම්  පිරිස්  අවශ්‍ය සහයෝගය  නොදීම නිසා තම ඉදිරි ගමනට බාධා ඇති වූ බව පරාජිත සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.


මලල ක්‍රීඩා සංගමයේ නිලධාරී මණ්ඩලය

සභාපති
විශ්‍රාමික ජෙනරාල් පාලිත ප්‍රනාන්දු  මහතා (ඡන්ද 79)

උප සභාපතිවරු
ලාල් චන්ද කුමාර (ඡන්ද 68), ජී.එල්.එස්. පෙරේරා (ඡන්ද 67), එච්.ඩබ්.නිමලසිරි (ඡන්ද 66), අනිල් වීරසිංහ (ඡන්ද 61), ඒ.එච්.එම්.අක්මාල් (ඡන්ද 53), නයන්ති කුමාරි චන්ද්‍රසේන (ඡන්ද 44) සහ අයිරාංගනී රූපසිංහ (ඡන්ද 39)

ප්‍රධාන ලේකම්
ප්‍රේමා පින්නවල මහතා (නිතරගයෙන්)

භාණ්ඩාගාරික
ශාන්ත ද සිල්වා මහතා (නිතරගයෙන්)

උප භාණ්ඩාගාරික
එච්.ඒ. උපාලි මහතා (ඡන්ද 65)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...