. ලසිත් - නවිඳු සටන උග්‍රවෙයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
ලසිත් - නවිඳු සටන උග්‍රවෙයි
2017-05-31 20:56:46 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 20 වැනි සතිය නිමාවන විට පිට පිටම හයවැනි වරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැක කරගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. කෙසේ වුවත් මේ වන විට ඡන්ද 150,329 ක් ලබා සිටින ඔහුට ගෙවී ගිය සතිය තුළදී ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 246 ක් පමණි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 133,766 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 9022 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 25,339 සිට 16,563 ක් දක්වා අඩු වී තිබේ.

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 61,571 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගැනීමට සමත්ව ඇත්තේ ඡන්ද 1399 ක් පමණි.

කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,484 ක් සහ 9136 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4111 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 852 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.

තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 327 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘www.dialog.lk/cricket’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 150,329
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  133,766
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  61,571
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,484
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9136
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  6452
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6415
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1825
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1390
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1349
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1209
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  700
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 557
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  531
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  291
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  4111
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  852
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  301
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  283
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 51
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   327
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  38

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 බී. කේ. ගුණසේකර, 26/1, දුම්රියපළ පාර, නුගේගොඩ
2 අරුණ ලලිත්, එස්. ඩී. අයි. 4 වැනි මහල, 240, හයිලෙවල් පාර, කොළඹ 6
3 නිෂානි පෙරේරා, 375/සී, මොරටුව කන්ද, ගලගෙදර, පාදුක්ක
4 ටී. සේනාරත්න, 99, අලුත් මාවත, කොට්ටාව, පන්නිපිටිය


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...