. අම්ලා - තහීර් දකුණු අප්‍රිකාව දිනවති | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
අම්ලා - තහීර් දකුණු අප්‍රිකාව දිනවති
2017-06-03 19:50:41 | .

ඉම්රාන් තහීර්ගේ (27/4) විශිෂ්ට පන්දුයැවීමත් හසීම් අම්ලාගේ (103) පිතිහරඹයත් හමුවේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී්’ කාණ්ඩය යටතේ ඕවල්හිදී අද (03 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 96 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 300 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 41.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 කඬ් පමණි.


කුසල් පෙරේරා ලකුණු 44 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියද අනෙක් පිතිකරුවන් ඔහුට නිසි සහයෝගය ලබානොදීම හේතුවෙන් පහසුවෙන් ජයග්‍රහණය කරා යෑමට තිබූ අවස්ථාවක් ගිලිහි ගියේය. උපුල් තරංග දැවීයන තෙක්ම ජයග්‍රහණය සදහා අවශ්‍ය වේගය රදවා ගැනිමට මුල්පෙල පිතිකරුවන් සමත්වුවද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් අවසන් කඩුලු 6 ලකුණු 57 ක් තුළ බිඳ වැුටුණි.

 

දකුණු අප්‍රිකාව 
හෂීම් අම්ලා - දුවද්දී දැවී ගියා   103
ක්වින්ටින් ඩි’කොක් -  ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්  23
ෆෆ් ඩුප්ලෙසී - ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 75
ඒ. බී. ඩිවිලියස් - ඇ. කපුගෙදර ප. ප්‍රසන්න  4
ඩේවිඩ් මිලර් - ඇ. ප්‍රසන්න ප. ලක්මාල්  18
ජේ.පී.ඩුමිනි - නොදැවී  38
ක්‍රිස් මොරිස් - දුවද්දී දැවී ගියා  20
වේන් පානෙල් - නොදැවී  7
අතිරේක (ව-10, පා-1) 11
එකතුව ඕවර 50කදී කඩුලු  6ක් දැවී     299
කඩුලු වැටීම 
1-44 (ඩි’කොක්), 2-189 (ඩුප්ලෙසී), 3-194 (ඩිවිලියස්), 4-226 (මිලර්), 5-232 (අම්ලා), 6-277 (මොරිස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඉම්රාන් තහීර්, මෝර්න් මෝකල්, කගිසෝ රබාඩා
පන්දු යැවීම
ලසිත් මාලිංග 10-0-57-0 ව-5
සුරංග ලක්මාල් 10-0-51-1 ව-2
නුවන් ප්‍රදීප් 10-0-54-2 ව-1
අසේල ගුණරත්න 10-0-64-0 ව-1
සීකුගේ ප්‍රසන්න 10-0-72-1 ව-1
ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ඇ. පානෙල් ප. මොකල්  41
උපුල් තරංග - ඇ. මිලර් ප. තහීර්   57
කුසල් මෙන්ඩිස් - ඇ. ඩිවිලියස් 11
දිනේෂ් චන්දිමාල් - දුවද්දී දැවී ගියා  12
චාමර කපුගෙදර - ක.මු.කළා ප. තහීර්  0
කුසල් ජනිත් - නොදැවී  44
අසේල ගුණරත්න - ඇ. පානෙල් ප. තහීර්   4
සීකුගේ ප්‍රසන්න - ක.මු.කළා ප. මොරිස්  13
සුරංග ලක්මාල් - දුවද්දී දැවී ගියා  0
ලසිත් මාලිංග - ප. රබාඩා 1
නුවන් ප්‍රදීප් - ඇ. ඩුමිනි ප. තහීර්   5
අතිරේක (පා-6, ව-8, නි-1) 15
එකතුව ඕවර 41.3 කදී සියලුදෙනා දැවී     203
කඩුලු වැටීම 
1-69 (දික්වැල්ල), 2-94 (මෙන්ඩිස්), 3-116 (චන්දිමාල්), 4-117 (කපුගෙදර), 5-146 (තරංග), 6-155 (ගුණරත්න), 7-191 (ප්‍රසන්න), 8-191 (ලක්මාල්), 9-192 (මාලිංග), 10-203 (ප්‍රදීප්)
පන්දු යැවීම
කගිසෝ රබාඩා 8-1-46-1 නි-1, ව-3
වේන් පානෙල්  10-0-54-0 ව-1
මෝර්න් මෝකල් 6-0-31-1 ව-2
ක්‍රිස් මොරිස්  7-0-32-2 ව-1
ඉම්රාන් තහීර් 8.3-0-27-4  
ජේ.පී.ඩුමිනි  2-0-7-0 ව-1

උපුල් තරංග සිය 32 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 59 කදි වාර්තා කළ අතර ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් මිලර් අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවීයන විටදී පන්දු 69 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 57 ක් රැස්කර සිටියේය.


වේගවත් ආරම්භයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල මෝර්න් මෝකල්ගේ පන්දුවක් හමුවේ වේන් පානෙල් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විටදී පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය. පළමු කඩුල්ල සදහා උපුල් තරංග සමගින් එක්ව පන්දු 50 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද දික්වැල්ල සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්විය. සිය 25 වන එක්දින ශතකය අද ලබාගක් හසීම් අම්ලා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවියාමකට හසුවන විටදී පන්දු 115 කදී ලකුණු 103 ක් රැස්කිරීමට සමත් විය. හයේ පහර දෙකක් සහ හතරේ පහර පහකින් ඉනිම අලංකාර කළ හසිම් අම්ලා අඩුම ඉනිම (151) සංඛ්‍යාවකින් ශතක 25 ක් රැස්කළ පිතිකරුවා බවට අද පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ විරාත් කෝලී ශතක 25 ක් රැස්කර තිබුනේ ඉනිම 162 ක දීය.


දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලකුණු 59 ක් රැස්කර සිටියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට ෆෆ් ඩු ප්ලෙසී විසින් ලසිත් මාලිංග අතට දුන් උඩපන්දුව ගිලිහියාම හේතුවෙන් දෙවැනි කඩුල්ල සදහා පන්දු 129 කදී ලකුණු 145 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ෆෆ් ඩු ප්ලෙසී සහ හසීම් අම්ලා සමත්වූහ.


උඩපන්දුව අතහරින විට ලකුණු අටක් ලබාසිටි ෆෆ් ඩු ප්ලෙසී උඩපන්දුව අතහැරීමේ වාසිය ලබාගනිමින් සිය 28 වන එක්දින අර්ධ ශතකය පන්දු 52 කදී වාර්තා කිරීමට සමත්විය. දැවීයන විටදී පන්දු 70 කට මුහුණදුන් ඩු ප්ලෙසී හතරේ පහර හයක් තම ඉනිමට එක්කර ගැනිමට සමත්විය.


හසීම් අම්ලා පන්දු 56 කදි හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් සිය 34 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ෆෆ් ඩු ප්ලෙසී සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 77 ලකුණු 86 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත් විය.


ආරම්භයේ සිට ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් හොදින් පන්දු යැවූවද අවසන් ඕවර කිහිපයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර මාලිංගට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමි නොවීය. නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් සහ සුරංග ලක්මාල් කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයක් හේතුවෙන් අද තරගයට එක් නොවූ අතර වසර දෙකකට පමණ කාලයකට පසුව ලසිත් මාලිංග එක්දින තරග සදහා අද එක්විය.

Feroze Izzadeen2017-06-04 01:53:45
ශ්‍රී ලංකාව හොඳ තරගයක් දුන්නේ නෑනේ...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...