. ලසිත් පරතරය වැඩිකරගනී | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
ලසිත් පරතරය වැඩිකරගනී
2017-06-06 17:49:02 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 21 වැනි සතිය නිමාවන විට පිට පිටම හත්වැනි වරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැක ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 14,960 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 165,289 කි.


සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 136,205 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2439 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 16,563 සිට 29,084 ක් දක්වා වැඩි වී තිබේ.


තරගය අවසන් වීම සඳහා ඇත්තේ තවත් සති 6 ක් පමණක් බැවින් එම සති 6 තුළදී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය. මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 61,918 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගෙන ඇත්තේ ඡන්ද 347 ක් පමණි.


කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,490 ක් සහ 9189 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.


පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4259 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 1821 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.


තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 331) දෙවැනි ස්ථානයට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට මෙතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් (ඡන්ද 357) සමත්ව තිබේ.


මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 165,289
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  136,205
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  61,918
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,490
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9189
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  6603
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6415
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1832
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1512
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1368
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  4259
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  1821
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  322
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  305
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 51
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  357
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   331

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 මොහාන් සවේරිමුත්තු, 235/9, ග්‍රීන් වුඞ් ටෙරස්, කෙරවලපිටිය, හැඳල, වත්තල

2 එෆ්. රම්සා, 12/28, අරලිය උයන, ගොකරන, පානදුර

3 ජනනි පෙරේරා, 27/158, බිග් සිටි, බාලිකා නිවාස පාර, රුක්මලේ, පන්නිපිටිය

4 ජී. ඩී. මහින්ද ලාල්, 279/4, ඕවිටිගම, පාදුක්ක

 

-036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...