. කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට
2017-06-07 21:41:11 | .

එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදරත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වී තිබේ. අද (7 වැනිදා) උදෑසන පුහුණුවීම් කරමින් සිටියදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් කපුගෙදර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් යවා තිබේ.

ඉන්දියාවට එරෙහිව හෙට (8 වැනිදා) පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඒබව ස්ථිර කර සිටියේය.

“පුහුණුවීම් කරමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වුණා. අපි ඔහුගේ පරීක්‍ෂණ වාර්තාව ලැබෙනකම් බලා ඉන්නවා. අවශ්‍ය වුණොත් අපට ධනුෂ්ක ගුණතිලක ඉන්නවා” යයි මැතිව්ස් පැවසීය.

පුහුණු තරගයේදී පාදයේ කලව පසුපස මස්පිඬුව ඇදීම නිසා අපහසුතාවට පත් මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ඉවත්ව සිටියේය. ශ්‍රී ලංකා නායකයා හෙට තරගයට ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු වශයෙන් පමණි.

 

G g wijesinghe2017-06-08 04:00:43
ධනංජය සිල්වාද ඉවත් කරන්න ඕනෙ චන්දිමාල් ද?බැරිවෙලාවත් චන්දිමාල් මෙවැනි තරඟයකදී ලකුනු 50 කට වැඩියෙන් ලැබුවොත් මැච් එක පරදිනවානෙ.දිල්රුවන් අයින් කරළා ඇයි?

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...