. ඕස්ට්‍රේලියානුවන් දැඩි අවදානම් කලාපයේ | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
ඕස්ට්‍රේලියානුවන් දැඩි අවදානම් කලාපයේ
2017-06-10 14:10:08 | සැකසුම : මොහාන් ප්‍රනාන්දු


ශූරයන්ගේ කුසලානය ජයගැනීමේ ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තුව අද (10) එජ්බැස්ටන් හී පැවැත්වෙන තරගයේ දී නිමාවට පත් කිරිමට තම කණ්ඩායමට ලැබී ඇති අවස්ථාව අළු බඳුන ජයගැනීමට සමාන බව එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් පවසයි.

එහෙත් ඕස්ට්‍රේලියානුවන් බලා සිටින්නේ වෙනත් ඉලක්කයක් දෙසය. එනම් නවසීලන්තය පරාජය කරමින් මේ වන විටත් අවසන් පූර්ව තරගයේ එක දොරපළුවක් ඇරගෙන සිටින බංග්ලාදේශයට දොර වසා දමා තමන් ඒ අවස්ථාව ලබාගැනීමයි.

‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව එංගලන්තය තරග 2 කදී ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී. නවසීලන්තයේ මෙන්ම බංග්ලාදේශයේත් මූලික වටයේ තරග තුනම අවසන් වූයේ බංග්ලා්දේශය හමුවේ නවසීලන්තය කඩුලු 5 කින් පරාජය වීමෙනි. ඒස මගම බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු 3 ක් හිමිවීමෙන් බංග්ලාදේශය ඉදිරියට ගියේය.

එහෙත් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය අතිශය භයංකාර වී තිබේ. අද තරගයේදී සිය සම්ප්‍රදායික පසමිතුරා වන එංගලන්තය හමුවේ පරාජය වැළඳ ගැනීමට සිදුවුවහොත් ඕස්ට්‍රේලියාවට ආපසු ගෙදර යාම හැර වෙන අතක් නැත.

එංගලන්ත එක්දින පිලේ නායක මෝගන් 2010/20111 තරගවාරයේ අලුබඳුන ටෙස්ට් තරගමාලාව සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයට එක්වූවත් ඔහුට එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ටෙස්ට් පිලේ නායකයා හැටියට කණ්ඩායම මෙහෙයවූ අවස්ථා 16 කින් අන්තිමට ජයග්‍රහණයක් වාර්තා කර දැන් වසර පහක් ගතවී තිබේ.

‘මම අලුබඳුන ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නෑ. මං හිතන්නේ මගේ සගයන් සෑහෙන ප්‍රමාණයක් එහෙම වෙන්න ඇති. ඔබ කවදාවත් අලුබඳුන ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නැතිනම් අද තමයි අවස්ථාව. ඒ හැඟීම සිහිපත් කරමින් ඕස්ට්‍රේලියාව පරද්දන්න.‘ මෝගන් ඊයේ සිය සගයින්ට එසේ කීවේය.

වසර 2015 ලෝක කුසලාන තරගමාලාවේ දී ඇද වැටීමෙන් පසුව ගතවුණු වසර 2 දී එංගලන්ත එක්දින කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලානය ජයගනු ඇතැයි අනාවැකි පළවෙන තරමට තමා තනි අතින් එංගලන්තය ඇදගෙන ගිය බවට සහය පුහුණුකරු පෝල් ෆාර්බ්‍රේස්ගෙන්ද මෝගන්ට කදිම සහතිකයක් ලැබී තිබේ.

තත්ත්වය එසේ වුවත් ලකුණු අතර නැති ආරම්භක පිතිකරු ජේසන් රෝයිට අද තරගයේදිත් තවත් අවස්ථාවක් ලබාදීම මෝගන්ගේ කල්පනාව වී තිබේ.

“ජේසන් හැමෝම එක්ක කතා කළා. එයාලත් මීට කළින් මේ වගේ ලකුණු අහේනියකට පත්වුණු අවස්ථා තිබුණු බව ඔහුට අවබෝධ වුණා”

“ඒක ඔහුගේ විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට ශක්තියක් වේවි. අද තරගයේදී අපි බලමු” මෝගන් එසේ කීවේ බලාපොරොත්තු සහගතවය.

ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ ඕස්ට්‍රේලියානු පිල මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට පැමිණ සිටින්නේ වර්ෂාවේ අවාසනාවත් කරපින්නාගෙනය. ඔවුන් සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු පුහුණු තරගය පමණි. තවත් පුහුණු තරගයකුත් සමග ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරග 2 ම වාර්ෂාවට හසුවීම නිසා ඕස්ට්‍රේලියාව දැන් පසුවන්නේ ඉතාමත් අවදානම් කලාපයක බව කීවොත් එය අතිශයෝක්තියක්ද නොවේ.

වර්ෂාවත්, එංගලන්ත පිල පරාජය කිරීමත් යන අභියෝග දෙකට මුහුණදීමේ අරමුණින් අද තරගයට එක්වන ඔස්ටේ්‍රලියානුවන් විශ්වාසය බිඳවාගෙන නැතැයි ස්ටීවන් ස්මිත් කියයි.

“සාමාන්‍යයෙන් ප්‍රධාන තරගාවලි තුළ අපි සෑහෙන්න ඉදිරියට ගොස් තිබෙනවා. එංගලන්තය සතුව භයානක වර්ගයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිටියත් තරගය ජයගැනීමේ සටන අපේ කණ්ඩායමත් අත් හරින්නේ නෑ” ස්ටීවන් ස්මිත් කීවේය.


- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...